කෙට්ටු වුන ආදරය – ලෙක්සි සහ ඩැනී

0
14


අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ හරිම සුන්දර ආදර කතාවක්. 

අපේ කතාවේ කතානායක යුවළ තමයි “ලෙක්සි සහ ඩැනී”. 2007 අවුරුද්දෙදි තමයි ඔවුන් මුලින්ම මුණ ගැහෙන්නෙ. 

තමන්ගේ ජීවිතේ ඉදිරි කාලෙ ආදරණීයව, නිස්කලංකව ගත කරන්න හොඳම කෙනා තමන්ට මුණගැහුණු බව ඔවුන් දෙදෙනාටම තේරුන් ගියාට පස්සෙ ඔවුන් ආදරය කරන්න පටන් ගන්නව. 

ඕනෑම ආදරවන්තයන් දෙදෙනෙක් මෙන්ම ලස්සන විවාහ මංගල්‍යයකදි, ලස්සන මඟුල් ඇඳුමකින් සැරසිලා තමන්ගේ ආදරේ නීත්‍යානුකූලව තමන්ගෙ කරගන්න ඔවුන්ගෙ හීනෙ සැබෑවෙන්නෙ 2015 අවුරුද්දෙ දවසකයි. 

ඔව් ! ඔවුන් විවාහ වුනා. 

නෑ. මම මෙතෙක් නොකීව රහසක් මේ සුන්දර ආදර කතාව ඇතුළෙ හැන්ගිලා තියෙනව. 

ඒ තමයි ලෙක්සි හා ඩැනීගේ බාහිර පෙනුම. හරිම අහිංසක, නිරහංකාර, ආදරණීය චරිත වුනු ඔවුන් දෙදෙනා දිහා බලන කෙනෙක්ට එක පාරටම ඒ ගති ලක්ෂණ නම් පේන්න තිබ්බෙ නෑ. 

ඒ වෙනුවට ඔවුන්ට දකින්න ලැබුනෙ ඉතාම අපහසුවෙන් තමන්ගෙ එදිනෙදා වැඩකටයුතු කරගන්න, අඩුතරමෙ ඇවිදින්න, නැඟිටින්න පවා අපහසු වුනු අපේ වචනයෙන් කියනව නම් “මහත” කාන්තාවක් සහ පිරිමියෙක් විතරයි. 

ඒ වෙද්දී ලෙක්සිගෙ 219 kg කට වඩා බරින් වැඩිවී සිටි අතර ඩැනීගෙ බර 127 kg කට වඩා වැඩිවුණා. 

ඒ වෙද්දී අවුරුදු 25 ක් ගත කරමින් හිටියත් ඊට වඩා වයස්ගත පෙනුමක් ඔවුන් දෙදෙනාගෙන්ම පෙනෙන්න තිබුණා. 

මේ ලෙක්සි හා ඩැනීට විතරක් තියෙන ගැටළුවක් නෙමෙයි. බොහොමයක් ඇමෙරිකානුවන්ගෙ ජීවිත ගෙවෙන ආකාරය අනුව ඔවුන් අතර මේ ගැටළුව ඉතාම සුලභව අඳුරගන්න ලැබෙනවා. 

“ලෙක්සි හා ඩැනී” කියල කියන්නෙ කාබෝහයිඩ්‍රේට් සහ මේදය අධිකව අඩංගු වුන ක්ෂණික ආහාර, සෝඩා සහ පැණි බීම වර්ග වලට ඇබ්බැහි වුන යුවළක්. 

ඔවුන් ජීවිතේ වැඩි කාලයක් ගත කරල තිබුණෙ ක්ෂණික ආහාර භුක්ති විඳින ගමන් සාලෙ පුටුවක වාඩිවෙලා රූපවාහිනිය නරඹමිනුයි. 

ඔවුන්ගෙ දෛනික කැලරි පරිභෝජනය කැලරි 400 ත් 600 ත් අතර ප්‍රමාණයක පැවතුණා. 

පිටතින් බොහොම ලස්සනට පෙනුනත් තමන්ගෙ ශරීරවල අධික බර නිසා ඔවුන් ලොකු මානසික පීඩනයකින් තමයි හිටියෙ. 

ඇවිදීම, බයිසිකල් පැඳීම, බස් රථයකට නැඟීම සහ උදෑසන ඇඳෙන් අවදි වීම වගේ සරල ක්‍රියාකාරකම් පවා ඔවුන්ට ඉතාම අපහසු වුණා. 

ඒ වගේම දෙමව්පියන් වීමේ ඔවුන්ගේ සුන්දර සිහිනයත් මේ නිසා ටිකෙන් ටික ඈතට යන බව ඔවුන්ට විවාහ වී ඉතාම ටික කාලෙකින්ම අවබෝධ වුනා. 

ලෙක්සි ලොකු හැරී පොටර් රසිකාවියක්. 

නමුත් තමන්ගේ මහත නිසා universal studio වල හැරී පොටර් ගම්මානය නැරඹීමේ ඇයගේ හීනයත් හීනයක්ම බවට පත්වෙමිනුයි තිබුණේ. 

මේ සියළු කාරණාත් එක්ක තමන්ගෙ ජීවිත වෙනස් කරගන්න ඕනෙ කියල ඔවුන් තීරණය කරා. 

පළමු විවාහ සංවත්සරය සමරන වෙලාවෙදි ඔවුන් මේ ගැන ඔවුන්ටම පොරොන්දු වුණා. 

ඔවුන්ගෙ මේ සූදානම ගැන දැනගත්ත ලෙක්සිගෙ මිතුරියක් ඔවුන්ට උදව් කරන්න ඉදිරිපත් වුණා.

මුලින්ම දින 30 ක කාලයක් ඉලක්කය කරගන්න ඔවුන් තීරණය කරා. 

මිතුරියගේ උපදෙස් මත ඔවුන් මුලින්ම කරේ ඇල්කොහොල් භාවිතය සම්පූර්ණයෙන්ම නවතා දැමීමයි.

ඊළඟට, පිටතින් මිලදී ගන්න ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමන්නත් නිවසේදී ආහාර පිළියෙල කරගන්නත් ඔවුන් තීරණය කරා. 

ඒ වගේම හොඳ ව්‍යායාම පුහුණු උපදේශකවරයෙක් යටතේ සුවතා මධ්‍යස්ථානයක යාවජීව සාමාජිකයන් වෙන්නත් ඔවුන් තීරණය කරා.

දින 30 කින් පසු තමන්ගෙ ශරීර වල බර 9 kg කින් අඩුවෙලා තියෙන බව ඔවුන්ට දැකගන්න ලැබුණා.

එයින් තවත් ධෛර්යමත් වුන ඔවුන් තමන්ගේ වැඩපිළිවෙළ තවත් හොඳින් කරගෙන යන්න තීරණය කරා. 

සතියකට දින පහක් අනිවාර්යයෙන් ව්‍යායාම වල නිරත වෙන්න සුවතා මධ්‍යස්ථානයට ඇවිල්ල ඉන්න ඔවුන්ව එහි සාමාජිකයන්ට ඉතාම සුලභ දසුනක් වුනා. 

ඒ අතරෙම තමන්වම ධෛර්යමත් කරන්න හිතාගෙන තමන්ගේ instagram ගිණුමේ තමන්ගේ ප්‍රගතිය දක්වන ජායාරූප පළකරන්නත් ලෙක්සි පටන් ගත්තා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here