නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් ගමනට ඩයස්පෝරාව හරස් වෙයිද ?

0
3

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉදිරි දිනයකදී එක්සත් රාජධානියේ සංචාරයක නිරත වීමට නියමිතයි.

මෙහිදී නාමල් රාජපක්ෂ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලවල පවත්වන උත්සව අවස්ථාවන්වලට සහභාගී වීමටද නියමිත අතර මෙම සංචාරය පිළිබදව දැනගත් ඩයස්පෝරාව නාමල්ගේ ගමන වැළැක්වීමට ශ්‍රී ලංකා රජයට මෙන්ම මහාබ්‍රිතාන්‍ය රජයටත් බලපෑම් කර ඇතැයි වාර්තා වෙයි.

.තවද ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවලටත් බලපෑම් සිදුකරමින් පවතින බව ආරංචිමාර්ග සදහන් කරයි.

තවද මේ වන විටත් ඩයස්පෝරාව විසින් නාමල් රාජපක්ෂට විරෝධය පළකරමින් සමාජ මාධ්‍ය මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බව පෙනෙන්නට තිබේ.

මෙහිදී නාමල් රාජපක්ෂ එක්සත් රාජධානියට පැමිණියහොත් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.

The post නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් ගමනට ඩයස්පෝරාව හරස් වෙයිද ? appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here