අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් ඇත.
අල්ලස් කොමිසම සිදුකළ කැඳවීමකට අනුව අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ප්‍රසන්න රණතුංග එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් ඇති අතර නඩුව තවත් සුළු මොහාතකින් කැඳවීමට නියමිතය.
සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබේ.
Saru FM Media









