තලාව අනතුරේ බස් රියදුරු රිමාන්ඩ්

0
9

තලාව ජයගහදී ප්‍රදේශයේ පසුගිය 10වැනි දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රියදුරු මේ මස 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අනුරාධපුර තලාව ජයගහ හංදිය දහවල් පෞද්ගලික බස් රථයක් පෙරළිමෙන් සිදුවූ බිහිසුණු රිය අනතුරින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්විය. එම අනතුරෙන් 50කට ආසන්න පිරිසක් ද තුවාල ලබා රෝහල් ගත කෙරිණ.

යතුරුපැදියකට මාර්ගයේ ඉඩ දීමත් සමග බස් රථය පෙරළිමෙනුයි මෙම අනතුර සිදුව තිබිණ. බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here