තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ පළමු තරගය ලකුණු 06කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 299ක් රැස් කිරීමට සමත් වූ අතර ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි ඉලක්කය ලකුණු 300කි.
පිළිතුරු ඉනිම හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී රැස් කර ගත්තේ ලකුණු 292ක් පමණි.
පාකිස්ථානය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ සල්මන් අලි අගා ලකුණු 105ක් සහ හුසේන් තලාත් ලකුණු 62ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම හඹායෑමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 59ක් ලබා ගත්තේය.
Saru FM Media





