සල්මන් අලි අගාගෙන් සුපිරි ශතකයක්

0
7

කමිල් මිශාරට එක්දින වරම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය

කලකට පසු කණ්ඩායමට එක්වූ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තරගයේ මුල් භාගයේ පාකිස්තාන කණ්ඩායම ඇදබැඳ තබමින් කඩුලු තුනක් බිඳ දමා විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුවත් පාකිස්තානයේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් සල්මන් අලි අගා සහ හුසේන් තලාත්ගේ ඉවසිලිවන්ත සහ ප්‍රවේගාත්මක ඉනිම් නිසා පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 50ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 299ක් ලබා ගත්හ.

සල්මන් අලි අගාගේ ධෛර්යමත් ඉනිම පාකිස්තානයේ අවසන් පන්දුව කරාම ගෙන ගියේ අගනා ශතකයක් තම කණ්ඩායමට උරුමකර දෙමිනි. සල්මන් අලි අගාට හොඳ සහයක් ලබා දුන් හුසේන් තලාත් ලකුණු 62ක් රැස් කළේය. අල්මන් අලි අගා ලකුණු 105ක් ලබා ගත්තේ පන්දු 87කට මුහුණ දෙමිනි. ඊට අගනා හතරේ පහර 9ක් ද ඇතුළත් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අත දිගහැර පහර දුන් සල්මන් අලි අගා ශ්‍රී ලංකා පන්දු යවන්නන් අන්දමන්ද කළේය.

පාකිස්තානය වෙනුවෙන් ෆකාර් සමාන් ලකුණු 32ක් ලබාගත් අතර බාබර් අසාම් ලකුණු 29ක් තම කණ්ඩායමට එකතු කළේය.

වනිඳුට හැරෙන්නට ශ්‍රී ලංකා අනෙකුත් පන්දු යවන්නන්ට පාකිස්තාන කණ්ඩායම සාර්ථකවීමේ ඉඩ නොදුන් අතර අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්‍ෂණ කඩුලු 1ක් බැගින් ලබා ගත්හ.

පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක කියා සිටියේ රාත්‍රි කාලයේ ක්‍රීඩාංගණය පින්න සහිත තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිවේ යැයි අනුමාන කළ නිසා මුලින්ම පන්දු යැවීමට තීරණය කළ බවයි.

තවද පාකිස්තාන නායක ශහීන් ෂා අෆ්රිඩි ද කියා සිටියේ කාසියේ වාසිය තමන් ජය ගත්තේ නම් මුලින්ම පන්දු යැවීම තෝරා ගන්නා බවයි.

වසර 7කට පසුව එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීමට පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගයට ඉදිරි පෙළ පිතිකරුවකු වන කමීල් මිශාර එක්දින වරම් හිමිකර ගත්තේය.

තවද බංග්ලාදේශ තරගාවලියේදී ආබාධයකට පත්ව සිටි වනිඳු හසරංග ද මාස කිහිපයකට පසු යළි එක් දින කණ්ඩායමට ඇතුළත් වී තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගත් 218 වැනි ක්‍රීඩකයා ලෙස කමිල් මිශාර ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය අතින් මංගල එක්දින හිස් වැසුම ලබා ගත්තේය.

තවද තරගය පැවැත්වෙන රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරග 3ම ජයගෙන ඇත්තේ හඹා ගොස්ය.

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here