අද දින ඔබේ දෛවය

0
8

මේෂ –

රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති උත්සව වැනි දේවල්වලට ද සහභාගිවීමේ අවස්ථා යෙදේ. අමතර වගකීම් ඇති වෙයි. ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරන දිනකි. සිරසගත රෝග, උගුරේ අමාරු මතු කරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05

වෘෂභ –

ගමන් බිමන් යෙදේ. පොදු සේවා උත්සව කටයුතුවලට සහභාගි වෙයි. නිවාස තැනීමක් හෝ අලුත්වැඩියාවකට හේතුයි. දුර ගමන් ද යෙදේ. ස්වයං රැකියාවන්හි නිරත අයට ශුභවාදී ඵලදෙයි. මුත්‍රා ආසාදන මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 04

මිථුන –

ක්‍රියාශීලී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු කරයි. සමාජ සත්කාරක ක්‍රියා වැනි දේ යෙදේ. වැයපස ඉහළ යන දිනකි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 03

කටක –

තරමක් අවිවේකී බවක් ගෙනදෙයි. රාජකාරි බහුල දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. විනෝදජනක ක්‍රියාවන්ද යෙදේ. සමාජ සේවා ක්‍රියාවල යෙදේ. හදිසි ධන ලාභ ලබයි. ආමාශගත රෝග මතුවේ. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 07

සිංහ –

තරමක් ශුභඵල මතුකරයි. උනන්දුවෙන් රැකියාවල යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. සතුරු බලපෑම් එල්ල වෙයි. ලිපි ලේඛනවලින් ජයග්‍රහණ ලබයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් ආසාදන රෝග සාදයි. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 01

කන්‍යා –

ශුභවාදී ඵල මතුකරයි. දුර ගමන් යෙදේ. තම අභිමත කරුණු ජයගනී. සතුරු බලපෑම් ඉවත් වෙයි. තම වටිනාකම ඇසුරු කරන්නන් අතර ප්‍රචලිත වෙයි. විනෝදජනක ක්‍රියාවල යෙදේ. සිරසගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය – කොළ. ජය අංකය – 06

තුලා –

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. කෙටි ගමන් බහුල වෙයි. ගමන්වලදී ප්‍රවේශම මැනවි. ලිපි ලේඛනවලින් ජය ලබන අතර නව නිපැයුම් ඇරඹීමට හේතුයි. හදිසි ධන වාසනා ලාභ ගෙනදෙයි. අභ්‍යන්තර ඉන්‍ද්‍රියන්හි රෝග මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 08

වෘශ්චික –

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. සුහදතා වර්ධන කටයුතු දියත් කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කටයුතු කරයි. ශරීර සෞඛ්‍ය තරමක් දුර්වල වීමෙන් පීඩා මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 09

ධනු –

ශුභවාදී ඵල මතුකරයි. රැකියා ලාබ ලැබීම්වලට හේතුයි. තනතුරු ලාබ ලබයි. ව්‍යාපාර දියුණු වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීපවෙයි. හදිසි ලාබ ලැබීම්වලට හේතුයි. දහමට ළැදි වෙයි. අභ්‍යන්තර ඉන්‍ද්‍රියන්හි රෝග මතු කරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 01

මකර –

ශුභා ශුභ ඵල මතුකරයි. යහපත් චේතනා මතු වෙයි. දුරස් කළ මිතුරන් සමීපයට ගනී. ප්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. තරමක් වැයපස අධිකවන දිනකි. අලංකාර කටයුතු සඳහා යොමු වෙයි. නහර වේදනා, ස්නායුගත රෝග සාදයි. ශුභ වර්ණය – දම්, ජය අංකය 08

කුම්භ –

ශුභඵල ගෙනදෙයි. තම අරමුණු ජයගනී. තත්ත්වයේ උසස්වීමකට හේතුයි. රැකියා ස්ථානවල ප්‍රසාදය දිනයි. මිල මුදල් තරමක් වැයවන දිනකි. සුහද හමුවීම් වැනි දේට හේතුයි. දහමට ළැදිව ක්‍රියාකරයි. තරමක් සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05

මීන –

ශුභවාදී ඵල ගෙනදෙයි. ව්‍යාපාර දියුණු වෙයි. රාජකාරිවලදී ක්‍රියාශීලී වෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සෙම් රෝග, පෙණහලු ආශ්‍රිත රෝග වර්ධනය වෙයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 08

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here