ලූනු 200 ට – අල 300 ට කන්න ලෑස්ති වෙන්න – ඇමැති ලාල්කාන්ත කියයි

0
7

දේශීය ලොකු ලූනු කිලෝවක් රුපියල් 200කට සහ අල කිලෝවක් රුපියල් 300 කට කන්න සූදානම් වන්නැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවසීය.

රජය ඊළඟ කන්නයේදී ලොකු ලූනු කිලෝවක් සඳහා ගොවියාට රුපියල් 150ක සහතික මිලක් ලබා දීමට ක්‍රියා කරන බවත් එබැවින් පාරිභෝගිකයා රුපියල් 200කට ඒවා මිලදී ගැනීමට සූදානම් විය යුතු බවත් ඇමැතිවරයා කීය.

දේශීය අල කිලෝවක් රුපියල් 240ත් 250ත් අතර සහතික මිලක් ලබා දී මිලදී ගැනීමට රජය කටයුතු කරන බැවින් පාරිභෝගිකයා අල කිලෝවක් රුපියල් 300කටවත් මිලදී ගැනීමට සූදානම් වන ලෙසත් මෙවර අයවැය විවාදයට සහභාගි වෙමින් ඇමැතිවරයා කියා සිටියේය.

අකිත පෙරේරා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here