බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංවර්ධනයට ඇමති මණ්ඩල අනුමැතිය

0
10

ප්‍රමුඛතා පදනම මත මහනුවර, අනුරාධපුර (දක්ෂිණ), අනුරාධපුර (උතුර) කොටුව, මොරටුව,රාගම ,අවිස්සාවේල්ල,ගාල්ල ,කටුනායක, කුරුණෑගල,ගම්පහ,කළුතර, සහ කන්කසන්තුරය යන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සදහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර්සම්බන්ධීකරණය තුළින් Transit Citiesසහ එම Transit Cities හි සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සහිතව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, බස් රථ, දුම්රිය, කුළී රථ සේවා වැනි ප්‍රවාහන මාධ්‍ය අන්තර්සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණ සහිත ව දිවයිනේ වැඩිම මගී සංසරණයක් සිදු වන බවට හඳුනාගෙන ඇති බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට යටත්ව, ප්‍රමුඛතා පදනම මත එම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට නියමිතය .

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here