අපිත් යම් මොහොතක සතුරන්ට දරුණුම ලෙස පහර දෙනවා, ඒවා නීත්‍යානුකූල ෂොට්ද ෆවුල් ෂොට්ද අපට අදාළ නෑ – ඇමති ලාල්

0
7

ජාතික ජන බලවේගයට මේ වනවිට පහර දෙමින් සිටින විපක්ෂයට යම්කිසි මොහොතක ආණ්ඩුව දරුණුම ලෙස පහර දෙන බවත් එදිනට ඒ පහරදීම් නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන හෝ ක්‍රමයට සිදුවේද යන්න තමන්ට අදාළ නොමැති බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“අපිට විවිධ විවේචන එල්ල කරන අය ඉන්නවානෙ. සමහර වෙලාවට අපි නිහඬව ඉන්නවා. එතකොට අපේ හිතවත්තු අපට කියනවා ඕගොල්ලන්ට 159කුත් තියෙනවා, ඕගොල්ලන්ට විධායක ජනාධිපතිකමත් තියෙනවා, මොකක්ද මේ කරන්නෙ ? කියලා. ඉතින් අපි ඉඳලා හිටලා අර බෲස් ලීගෙ වගේ ෂොට් එකක් දෙනවා කුඩුවෙලා යන්න. දුන්නාම කියනවා මූණට ගහන්න එපා ඒක ෆවුල් ෂොට් එකක්, අහවල් තැනට ගහන්න එපා, මං කළු කෝට්කාරයෙක් – ගහන්න එන්න එපා, මං ජාතික ඇඳුම ඇඳලා ඉන්නෙ – ඒ හින්දා ගහන්න බෑ, මං සිවුර ඇඳලා ඉන්නෙ – ඒ හින්දා ගහන්න බෑ කියලා. එහෙනම් අපට ඒගොල්ලන්ට කියන්න තියෙන්නෙ දේශපාලනය කරන්න එනවා නම් එක්කෝ ඒවා පැත්තකින් තියලා එන්න. මොකක් ඇඳගෙන හිටියත් ජාතික ඇඳුම ඇඳගෙන හිටියත් අදාළ නෑ, අපි ගහනවා. එතකොට කියන්න එපා ෆවුල් ෂොට් ගහනවා කියලා. හැමෝම දැනගන්න ඕනෙ අපිත් යම් මොහොතක පෙරළා පහර දෙනවා දරුණුම විදියට. එහෙම සතුරාට ගහනකොට ඒවා නීත්‍යානුකූල ෂොට්ද, ෆවුල් ෂොට්ද කියන එක ලෙනින්ට අනුවම අදාළ නෑ”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ “ලෙනින් කියවමු” මැයෙන් ඊයේ (21) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here