මන්ත්‍රීලාට වාහන ගේන්න මිලියන ගණන් වෙන් කළත් රටේ රෝහල් සේවා නැංවීමට අයවැයෙන් කිසිම අවධානයක් නෑ

0
9

GMOA චෝදනා කරයි

මෙවර අයවැයෙන් ජනතා බදු මුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වාහන ගෙන්වීමට රුපියල් මිලියන 12,500ක් වෙන් කළ රජය, වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන ගැටලු විසඳීමට කිසිම අවධානයක් යොමු කර නැතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එමෙන්ම පවතින ඖෂධ ගැටලුවට හෝ ප්‍රමිතිගත ඖෂධ රටට ගෙනඒමට අවශ්‍ය විද්‍යාගාරයක් ඉදිකිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිල නිවාස නිල කාමර සම්බන්ධ ගැටලු විසඳීම ඇතුළු ප්‍රධාන ප්‍රශ්න කිසිවක් පිළිබඳව යෝජනාවක් හෝ අවධානයක්, අයවැයෙන් කර නොමැති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙරේදා (09දා) පැවසීය.

දීර්ඝ කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවය මුහුණ දී තිබෙන ගැටලු අද විශාල අර්බුදයක් වී තිබෙන බවත් මේ හේතුවෙන් රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක් මතුවී ඇති බවත් හෙතෙම කීය.

බිඳවැටෙන රෝහල් සේවා රැකගැනීමට සිය සංගමය අයවැයට පෙර අටවැදෑරුම් යෝජනාවලියක් රජයට ඉදිරිපත් කළත්, ඒ පිළිබඳව රජයේ අවධානය යොමු නොවීම දැඩි කනගාටුවක් බව පැවසූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා, මෙවර අයවැය මගින් සෞඛ්‍ය පද්ධතියේ සැමදා ප්‍රශ්නය හඳුනාගෙන තිබේ ද යන්නත් ප්‍රශ්නයක් බව වැඩිදුරටත් සඳහන් කළේය.
සුජීව තත්සර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here