මහ බැංකුවේ නිල සංචිත වත්කම් ගිය මාසයේ පහළට – රන් සංචිත ඉහළ යයි

0
9

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය ඔක්තෝබර් මාසය අවසානයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 6216ක් දක්වා සුළු වශයෙන් අඩු වී ඇත.

මෙය ඉකුත් සැප්තැම්බර් මාසය අවසානයේ පැවති නිල සංචිත වත්කම් වටිනාකම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6244 හා සැසඳීමේ දී සියයට 0.44 ක සුළු අඩු වීමකි. මෙම පහළ යෑම සඳහා නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 6179 සිට ඩොලර් මිලියන 6100 ක් දක්වා සියයට 1.3 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මේ අතර ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 58 සිට ඩොලර් මිලියන 80ක් දක්වා සියයට 36.6 ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here