සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 5000ක් වන ජීවී දෙපාර්තමේන්තුවේ අලි-මිනිස් ගැටුම සමනය සඳහා යොදවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය.
මේ වනවිටත් එම නිලධාරීන් 3975 දෙනකු වනජීවී දෙපාර්තමේන්තුව වෙත නිදහස් කර ඇතැයි කී ඇමැතිවරයා තවත් 10000ක් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරිය වෙනුවෙන් යෙදවීමටත් ඒ සඳහා ඔවුන්ට විශේෂ දීමනාවක් ලබාදීමටත් තීරණය කර ඇතැයි ද සඳහන් කළේය.
මන්ත්රී රොෂාන් අක්මීමන මහතා විසින් අසන ලද ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. ඊට අමතරව පසුගිය කාලයේ විවිධ ස්ථානවල රාජකාරි සඳහා යොදවා සිටි එම නිලධාරීන් එම ස්ථානවලින් ඉවත් කර මේ වන විට ක්රමවත් රාජකාරි සඳහා යොදවමින් ඇතැයි ද හෙතෙම පැවසීය.
මේ අතර නිලධාරීන් 31421 දෙනකුගෙන් සමන්විත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය සතියේ සිට මහජන ආරක්ෂක අමාත්යංශය යටතට පත් කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා ගිය වසරේ රුපියල් මිලියන 21366 ක් වියදම් වී ඇති බවත් මිලියන 937ක් ආදායම් උපයා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
අකිත පෙරේරා
Saru FM Media





