ජනමාධ්‍යවේදී  සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක්

0
3

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය ඉහළ නැංවිම සහ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට රජය කටයුතු කරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සඳහන් කළාය.

අද(17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, වෘත්තීය ගරුත්වය සහ වෘත්තීමයභාවය ආරක්ෂා කර ගැනීම සහ අයිතිවාසිකම් කඩ වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටිම සඳහා නිසි ආයතනයක් පිහිටු වීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය ඒ  සඳහා ජනමාධ්යෙව්දීන්ගේ වරලත් මාධ්‍ය ආයතනය පිහිටුවීමට කටයුතු කරන බවත් මේ වන විට ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවද පැවසුවාය.
මෙම ආයතනය පිහිටුවීමෙන් පසු නිසි ගරුත්වයෙන් යුතුව තම වෘත්තිය සිදුකරගෙන යාමට ජනමාධ්‍යෙව්දීන්ට අවස්ථාව ලැබෙන බවද පැවසුවාය.

ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සිදු කෙරෙන ශිෂ්‍යත්ව වැඩසටහන මෙම වසරේදීත් සිදු කරන බවත්, ජනමාධ්‍යවේදීන්ට සෞඛ්‍ය රක්ෂණාවරයක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇතැයිද ඇය සඳහන් කළාය.

විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා කිසිදු සමාජ ආරක්ෂණ වැඩසටහනක් නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය , ඔවුන් වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවද පැවසුවාය.

තවද ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතනවල සේවකයින්ගේ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බවත්  මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂජනරාල්වරයාගේ අත්සනින් ලිපියක්ද නිකුත් කර ඇතැයිද කීවාය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here