ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණ භූමියේදී ඇති වූ සිද්ධියක් මුල්කරගෙන පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි ජනවාරි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (10දා) නියෝග කළේය.
මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
Saru FM Media







