බුත්තලත් අනතුරක්

0
8

බුත්තල මොණරාගල මාර්ගයේ 234 කණුව අසලදී ලංගම බස් රථයක් සහ ට්‍රැක්ටර් රථ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
වැල්ලවාය ඩිපෝවට අයත් බස් රථයක් බණ්ඩාරවෙල සිට මොනරාගලට ධාවනය වෙමින් තිබියදී බුත්තල 11 කණුව ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි ට්‍රැක්ටර් රථ ප්‍රවාහනය කරන දිගු ලොරි රථයක ගැටී ඇත.
ලොරි රථයේ රියදුරු සහ සහායකවරයාද බස් රථයේ සිටි මගීන් දෙදෙනකුද තුවාල ලබා ඇති අතර ඔවුන් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ලොරි රථයේ රියදුරු සහ සහායකවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here