විගණකාධිපති 2024 වාර්ෂික වාර්තාව කථානායකට

0
7

2024 වර්ෂයට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පිළිගන්වන ලදි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී, ව්‍යවස්ථාපිත අරමුදල්, ව්‍යවස්ථාපිත නොවන අරමුදල්ල විදෙස් ආධාර ව්‍යාපෘති, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සමාගම් ඇතුළු ආයතන ගණනාවක් 2024 වර්ෂය තුළ විගණනය කර ඒවායේ විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විගණාධිපතිවරයා විසින් කටයුතු කර ඇති අතර ඊට අදාළව මෙම වාර්ෂික වාර්තාව සකස් කොට ඇත.

නියෝජ්‍ය විගණකාධිපති එස්.ටී.ඩී රත්නායක, විගණන අධිකාරි ආර්.ඩී සේනාරත්න, කථානායකවරයාගේ සම්බන්ධීකරණ ලේකම් චමීර ගාල්ලගේ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here