විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත්

0
12

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (6) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

එම මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පවසා සිටියේ, ස්වේච්ඡා වන්දි යෝජනා ක්‍රමයක් සඳහා ද කිසිඳු සේවකයෙකු එකඟ වී නොමැති බවය.

“අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 15වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පළමු අදියර යටතේ ක්‍රියාත්මකයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරණයේ දී වත්මන් ආණ්ඩුව වගකීම් විරහිතව වැඩකිරීමේ ක්‍රියාමාර්ගය නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුනේ.

පසුගියදා ඇමතිවරයා එක්කත් සාකච්ඡාකළා. එහිදී සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණේ නෑ” යනුවෙන් පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here