බන්ධනාගාරගතව සිටින රැඳවියෙකු සුවදායී ලෙස සිටින වීඩියෝපටයක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී,
අදාළ වීඩියෝ පටයේ සිටින රැඳවියන්උ වන්නේ, උනවටුනේ කඩියා සහ අහුංගල්ලේ ඇන්ටා යන අය බවයි වාර්තාවේ. දර්ශනවලට අනුව ඔවුන් බන්ධනාගාරය තුළ ජංගම දුරකථනය නරඹමින් මත්ද්‍රව්‍ය ද භාවිත කරන ආකාරයක් දක්නට ලැබේ.
එමෙන්ම තවත් රැඳවියෙකු විසින් ජංගම දුරකථනය අතැති රැඳවියාගේ හිස සම්බාහනය කරන ආකාරය ද දක්නට ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස බූස්ස, ගාල්ල, සහ අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල අධිකාරිවරුන්ට දැනුම් දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
Saru FM Media







