රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිකුත් කළ ආඥාවක් අනුව තමන්ට “මිත්‍රත්වයේ සම්මානය ” හිමි වූ බව එම සම්මානය හිමි කරගෙන මෙරටට පැමිණි වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතා 08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී පැවසීය.
මෙම සම්මානය ලබාදීම සඳහා රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය වෙනුවෙන් සිදු කර ඇති කාර්යය භාරය මෙන්ම ආර්ථික, මානුෂීය සම්බන්ධතාවය පිළිබඳ සිදු කර ඇති මෙහෙවර, පිළිබඳ ඇගැයීමක් සිදු කර මෙම සම්මානය රුසියාවට ජාතික වශයෙන් වැදගත් ඉකුත් 04 දින ක්‍රෙම්ලින් මන්දිරයේදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින් පෞද්ගලිකව පිරිනැමීමට කටයුතු කර තිබේ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය සමන් වීරසිංහ මහතා අප දෙරට අතර සම්බන්ධතා ආරම්භ වී වසර 69 ක කාලය තුළ කිසිදු ප්‍රශ්නයක් ඇති වී නොමැති බවත්, ගෝලීය ගැටළුවලදී ශ්‍රී ලංකාවට යම් යම්
ගැටළු මතු වූ අවස්ථාවලදී ඍජුව උදව් කර තිබෙන බවත් මානව හිමිකම් ගැටළුවලදී එක් අවස්ථාවක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ රුසියාව නිශේධ බලය පාවිච්චි කරමින් එම යෝජනාව ඉවත ලෑමට පියවර ගෙන ඇති බවත් සිහිපත් කළේය. රුසියාව කවදාවත් අපේ රටට යම් යම් දේ කරන්න කියල බල කරල නැහැ. ඒ රටේ වැඩවලට සම්බන්ධ වෙන්න කියල බලපෑම් කරල නැහැ. ඉතිං මේ වගේ මිතුරු රාජ්‍යයක් සම්බන්ධතාවය මිල මුදලින් අගය කිරීමට නොහැකි තරම් වටිනවා යැයිද වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවසීය.
මෙම සම්මානය මෙම වසරේ හිමි කර ගත් ආසියානූ කලාපයේ එකම පුද්ගලයා වෛද්‍ය සමන් වීරසිංහ මහතා වන අතර එම සම්මානය රැගත් වෛද්‍ය සමන් වීරසිංහ මහතා 08 දින උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
කටුනායක – ටී.කේ.ජී. කපිල
Saru FM Media







