කල්ලියේ ලොක්කා හඳුනා ගනී – කුඩුවලට නඩු ගොඩයි
නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරුද්ධ වූ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ තෙමහල් ගොඩනැගිල්ලකින් යුත් නිවසට සහ වෙළෙඳසැලට කිසියම් පිරිසක් විසින් 07 දින රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කර ගිනිතැබීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇත.
රාත්‍රි 11:00ට පමණ පොලු, මුගුරු සහ බෝතල් කිහිපයක්ද රැගෙන පැමිණ එම පිරිස මුලින්ම එම වෙළෙඳ සැලට සහ නිවසට ප්‍රහාරයක් එල්ල කර පසුව එම ගොඩනැගිල්ලට ගිනි තැබීමටද උත්සහ කර පලා ගොස් ඇත. එම අවස්ථාවේ වෙළෙඳ සැල්හිමියා ප්‍රදේශවසීන්ගේද සහයෝගය ඇතිව පැතිර යන ගින්න පාලනය කිරිමට සමත් වී ඇති අතර, එසේ පැමිණි පිරිස වෙළෙඳ සැල්හිමියාගේ යතුරුපැදියටද පහරදී අලාභ හානි සිදු කර ඇත. ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයා පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානය ඉදිකිරීම භාරව කටයුතු කරන පුද්ගලයා බවට වෙළෙඳ සැල්හිමියා විසින් හඳුනාගෙන ඇත.
එම පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බවත්, එම සැකකරුට එරෙහිව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක්ද විභාග වෙමින් පවතින බවත් වෙළෙඳ සැල්හිමියා කියා සිටින්නේ. පාස්ටර් ජෙරම් එම යාඥා මධ්‍යස්ථානය ඉදිකිරීමට නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩම මිලදී ගෙන ඇති අතර, එම ඉඩමේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පසු ගිය ජුනි මාසයේ උත්සහා කිරීමේදී වෙළෙඳ සැල්හිමියා සහ ප්‍රදේශවසීන් විශාල පිරිසක් එක්ව එයට දැඩි විරෝධය දැක්වීම හමුවේ එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කර ඇත. පහර දීමට පැමිණි පුද්ගලයන් සීසීටීවී දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිසිය විමර්ශන අරම්භ කර ඇත.
නුවරඑළිය – නාලක රත්නායක
Saru FM Media







