පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ වැසිකිළියෙන් කළල කොටසක් හමුවෙයි

0
11

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කළල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය ප්‍රකාශ කර තිබේ.

ලැබෙන ආරංචි මාර්ග අනුව එම නේවාසිකාගාරය භාර උප ශාලාධිපතිනිය විසින් කළ පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව එම කළල කොටස පශ්චාත් පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇත.

පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here