තරුණ සේවා සභාවේ ක්‍රීඩාව යළිත් තරුණයන් සොයා කැදවයි

0
5

නිශ්මං රණසිංහ පෙබරවාරි 17, කොළඹ LNW:

ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවේ ස්වර්ණමය මතක සටහන් ඇතුළෙ අමතක කරන්නට බැරි විදිහට වොලිබෝල් ක්‍රීඩාව තියෙනවා.අතීතයේ ජාතික කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන්ව පුහුණු කරලා,දක්ෂතා දියුණු කරලා තල්ලු කරන වැඩේ වගේම ජාතික කණ්ඩායමට නවාතැන් ඇතුළු පහසුකම් සම්පාදනයේදී ද ජාතික තරුණ සේවා සභාව විශාල වැඩ කොටසක් සිඳු කළා.විශේෂයෙන් 1991 දි දකුණුු ආසියානු තරගාවලියක වොලිබෝල් ක්‍රීඩාවට හිමිව තිබෙන එකම රන් පදක්කම ගෙනවිත් දුන්න කාන්තා කණ්ඩායම පුහුණුවිම් කළෙත් මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදීමයි.

ඉන් අනතුරුව නැගීම් සහ බැසීම් සමග තරුණ සේවා සභාව ඉදිරියට ඇඳුණත්,පෙර ක්‍රියාවලිය සශ්‍රීකව සිඳු වුණේ නැහැ.එහෙත් බොහෝ තැන්වලින් ජාතික තරුණ සේවා සභාවට වාරු වී නැගිටපු පිරිස් දක්ෂයන් රට පුරා නිර්මාණය කරමින් සිටින බව පෙනෙන්නට තිබුණා.
ඒ පරිච්ඡේදය වොලිබෝලවලට පමණක් නොවේ කබඩි සහ නෙට්බෝල් ක්‍රීඩාවටත් ළඟා කර දෙමින් ආරම්භ කරන්න ජාතික තරුණ සේවා සභාව තීරණය කරලා තියෙනවා.මේ වන විටත් දිවයිනම ආවරණය වන පරිදි මෙම තේරිම් කමිටු ක්‍රියාත්මක වී ඇති අතර ජාතික මට්ටමෙන් අවසන් තේරිම මාර්තු මස මුල් සතියේදි පමණ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදි පැවත්වීමට නියමිතව තිබෙනවා.
මෙම තේරා ගැනීමට සුදුසුකම් ලැබිය හැක්කේ අවුරුදු 20 අඩු තරුණ තරුණියන්ට පමණයි.ඔවුන්තෛවසරක කාලයක් තුළ පහත සඳහන් දේ නොමිලේ ලබා දීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු සැළසුම් කර තිබෙනවා.

නේවාසික පහසුකම් සහ පෝෂණීය ආහාර
ක්‍රීඩා ඇඳුම් සහ සපත්තු
සෞඛ්‍ය හා ප්‍රථමාධාර පහසුකම්
භාෂා පුහුණුව සහ වෘත්තීය පුහුණුව
ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමට අවශ්‍ය සම්පූර්ණ දැනුම

The post තරුණ සේවා සභාවේ ක්‍රීඩාව යළිත් තරුණයන් සොයා කැදවයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here