හවසට වැස්ස

0
22

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව , අද ( 06 ) දිනය සඳහා උදෑසන 05.30 ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනය අනුව , බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

එමෙන්ම ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (06) දහවල් 12:08 ට අහුන්ගල්ල , ඇල්පිටිය , අමුගොඩ , තවලම , දෙනියාය , ඌරුබොක්ක , ඇඹිලිපිටිය , සූරියවැව , බෙරලිහෙල සහ ගල්කඩුව ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here