රාජපක්ෂ නිකායේ කලබලයක් – Saru News | සිංහල

0
3

තමන් රාජපක්ෂ නිකායට අයත් බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරමින් පිළිගත් භික්ෂූන් වහන්සේලා පවත්වන සමුළුවට මාගල්කන්දේ සුදන්ත භික්ෂුව ද සහභාගී වන බව සහභාගී වන බව දැනුම්දීමත් සමඟ සංවිධායකයන් තුළ විශාල කලබලයක් ඇති වී ඇතැයි වාර්තා වේ.

මාගල්කන්දේ සුදන්ත භික්ෂුව විදේශ රටක දී තරුණයෙකුට අපචාරයක් සිදු කර කාන්තාවකගේ පහර කෑමකට පවා ලක් වූ අයෙකි. එම සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය විය.

එම අපචාරය වාර්තා වීමත් සමඟ කලක් නිහඬ වී සිටි මෙම භික්ෂුව රාජපක්ෂ නිකායේ සඟ සමුළුවට සහභාගි වීමට එරෙහිව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද වාර්තා වේ. ඇති වී තිබෙන තත්වය සමනය කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ භික්ෂූන් වහන්සේලා සහ විවිධ පුද්ගලයින්ට දුරකතන ඇමතුම් ලබා දී මැදිහත්කරුවෙකු වශයෙන් සම්බන්ධ වී සිටී.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here