යුනිමෝ Enterprises වෙතින් නව 1000cc ටර්බෝචාජ්ඩ් ATIVA Compact SUV රථය සහ 1800/1500cc MYVI හැච්බැක් මෝටර් රථය එළිදක්වයි

0
9

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන හා ශ්‍රී ලංකාවේ පෙරොඩුවා වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන යුනිමෝ Enterprises විසින් සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025හි දී නව පෙරොඩුවා ATIVA සහ MYVI මෝටර් රථයන් සාඩම්බරයෙන් එළි දක්වන ලදී.

මෙම අවස්ථාව යුනිමෝ Enterprises සහ පෙරොඩුවා අතර ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි ඇති සහයෝගී කැපවීම නැවත තහවුරු කරමින් ඔවුන්ගේ දශක තුනක සහයෝගීතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනෙහි මැලේසියානු මහකොමසාරිස් H.E. Badli Hisham Adam මහතා, මැලේසියාවේ පෙරොඩුවා හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Datuk JH Rozman Jaafar මහතා, පෙරොඩුවා ජ්‍යෙෂ්ඨ විධායකයින්, ප්‍රවාහන සමාගම් හිමිකරුවන්, මාධ්‍ය නියෝජිතයින් සහ පෙරොඩුවා පාරිභෝගිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාව සමරමින් යුනිමෝ විසින් කොළඹ හිල්ටන් හි දී පැවත් වූ එළිදැක්වීමේ උත්සවය සඳහා සහභාගී විය.

මැලේසියාවේ අංක 1 මෝටර් රථ සන්නාමය වන පෙරොඩුවා, වසර 30කට ආසන්න කාලයක් යුනිමෝ Enterprises සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ නියෝජනය කර ඇති අතර, විශ්වාසදායක සහ උසස් තත්ත්වයේ වාහන සමඟ පාරිභෝගිකයන් 17,000කට අධික සංඛ්‍යාවකගේ විශ්වාසය දිනා ඇත. ATIVA සහ MYVI හඳුන්වා දීමත් සමඟ, පෙරොඩුවා, අද වන විට ශ්‍රී ලංකාවේ සියලු‍ම ප්‍රධාන ච්ිැබටැර වාහන කාණ්ඩ ආවරණය කරයි. නවීන, ස්මාර්ට් ගමනාගමනයක් කරා ගමන් කරන අතරම එහි වටිනාකම, කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය රැක ගනිමින් අඛණ්ඩව ඉදිරියට යයි.

පෙරොඩුවා ATIVA යනු ස්මාර්ට් ආරක්ෂාව, උසස් තාක්ෂණය සහ එදිනෙදා ප්‍රායෝගිකත්වය මුසු කරන ඊළඟ පරම්පරාවේ compact SUV රථයකි. එහි D-CVT transmission සහිත 1.0L ටර්බෝචාජ් එන්ජිම, විශිෂ්ට ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙන අතර, පෙරොඩුවා Smart Drive Assist මඟින් Adaptive Cruise Control සහ Pre-Collision Braking වැනි විශේෂාංග මෙම රථයේ ආරක්ෂාව ඉතාමත් ඉහළ අයුරින් තහවුරු කරයි. හඬ පාලනය සහ Smart Link සහිත 9”‍ infotainment display මඟින් පාරිභෝගිකයා සම්බන්ධ කර තබා ගන්නා අතර, ඉඩකඩ සහිත, පෙරොඩුවා ATIVA හි නම්‍යශීලී අභ්‍යන්තරය ඕනෑම ගමනක් සඳහා සුවපහසුවක් එක් කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here