නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ පැවැත්වීමට නියමිත විපක්ෂ විරෝධතා රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. කෙසේවෙතත්, හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව රැලිය පැවැත්වෙන බව ඔහු පැවසීය. “මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සැමවිටම ජනතාව සහ රට වෙනුවෙන් පෙනීසිටි අයෙක්. අපි හැදී වැඩුණේ ඔහුගේ දේශපාලනය යටතේ අත්දැකීම් ලබා ගනිමින්. අපි අරගල කරන්නත් දන්නවා රට හදන්නත් දන්නවා,” නාමල් රාජපක්ෂ පැවසීය.
Saru FM Media









