ක්වින්ටන් ගේ නොදැවුණු ශතක ඉනිම ද. අප්‍රිකාවට ජය ගෙන දෙයි

0
13

ක්වින්ටන් ඩි කොක් ගේ ශතක ඉනිමත්, නන්ඩි්‍ර බුර්ගර්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

පෙරේදා (06 දා) ෆයිසලාබාද් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 269ක් ලබාගැනීමට සමත් වුවද, ලකුණු 270ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 40යි පන්දු 1ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 270ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ ජය පාකිස්තානයටත් දෙවැනි තරගයේ ජය දකුණු අප්‍රිකාවටත් හිමිවීම හේතුවෙන් 1-1ක් ලෙස සම තත්ත්වයකට පත්වූ අතර, තෙවැනි සහ අවසාන තරගය දෙපිළටම තීරණාත්මක වනු ඇත. පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සල්මාන් අගා ලකුණු 69ක්, මොහොමඩ් නවාස් ලකුණු 59ක්, සයිම් ආයුබ් ලකුණු 53ක් සහ ෆහීම් අෂ්රොෆ් ලකුණු 28ක් ලැබීය. දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නන්ඩි්‍ර බුර්ගර් ලකුණු 46කට කඩුලු 4ක්, එන්. පීටර් ලකුණු 55කට කඩුලු 3ක්, කොර්බින් බොෂ් ලකුණු 58කට කඩුලු 2ක් දවාලීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී අති විශිෂ්ට ඉනිමක් දියත් කළ දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් පන්දු 119කට මුහුණදෙමින් හයේ පහර 7ක් සහ හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 123ක් ලැබූ අතර, ඊට අමතරව ටෝනි ඩි සිරෝසි ලකුණු 76ක් ලැබීය.

පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් සහ ෆහීම් අෂ්රොෂ් 1කඩුල්ල බැගින් බිඳහෙළීය.

තරගයේ වීරයා ලෙස ක්වින්ඩන් ඩි කොක් සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here