නිපොන් පදනමේ සභාපති වන යොහෙයි සසකාවා මහතා ඊයේ (06දා) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
යොහෙයි සසකාවා මහතා උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය ඔහුගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සිය කෘතඥතාව පළ කළායග එදින උදෑසන පැවති ලාදුරු රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සමුළුවට සහභාගී වූ සසකාවා මහතා ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේ ය.
ආබාධ සහිත පුද්ගලයින්ටල විශේෂයෙන් විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට සහාය දැක්වීම සඳහා නිපොන් පදනම විසින් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සභාපතිවරයා පැහැදිලි කළේය.
Saru FM Media









