ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඊයේ (30දා) සවස වන විට රුපියල් ට්‍රිලියන 02ක කඩඉම ඉක්මවූ බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
මේ අනුව 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2ග115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ළඟා වෙමින් පවතින බවද මාධ්‍ය නිවේදනයක් මඟින් රේගුව සඳහන් කළේය.
ඉතිහාසයේ රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුවක් විසින් වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව මෙම වාර්තාගත ආදායම ලබා තිබුණි.
මෝටර් රථවලින් ලබා ගත් රුපියල් බිලියන 630ක් මේ ආදායමට අන්තර්ගත වී ඇතැයිද රේගුව පවසයි
Saru FM Media









