චීන මාධ්‍ය සමූහය විසින් සංවිධානය කරනු ලබන චීන වසන්ත උත්සව රූපවාහිනී ප්‍රසංගය අද (16) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 5.30ට ශ්‍රී ලංකා මිරර් ඔස්සේ ඔබට සජීවී ව නැරඹීමට හැකිය.
මිලියන සංඛ්‍යාත චීන පවුල්වල අළුත් අවුරුද්ද උදාවන රාත්‍රියේ මෙම ප්‍රසංගය නැරඹීම සම්ප්‍රදායක් බවට පත්ව ඇත.
එම ප්‍රසංගය 1983 වසරේදී මුල්වරට විකාශය කෙරුණු අතර එය වාර්ෂිකව වැඩිම පිරිසක් නැරඹූ රූපවාහිනී වැඩසටහන ලෙසින් ගිනස් වාර්තා පොතට ද එක්ව තිබේ.
නව්‍යමය තාක්ෂණික අත්දැකීමක් සමග සුමට සංගීත මාධූර්යෙන් පොහොසත් මෙම ප්‍රසංයේ අත්දැකීම ශ්‍රී ලංකා පේක්ෂකයන් වෙත 2023 වසරේ සිට චීන මාධ්‍ය සමූහය සමඟ එක්ව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ඔස්සේ ඔබට තිළිණ කරයි.
Saru News










