දිට්වා අබලන් කළ පුත්තලම දක්වා දුම්රිය මාර්ගයේ ධාවනය නැවතත් අද සිට – Saru News | සිංහල

0
3

දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ ආපදා තත්වය හේතුවෙන් විනාශ වීම නිසා නවතා දමා තිබූ කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු පුත්තලම දක්වාම අද (16) අලුයම සිට නැවත ආරම්භ වී තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි නිසා මෙම මාර්ගයේ පිළිසකර කිරීම් සිදු කරමින් මගී දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දමන ලදී. පසුව එම ධාවන කටයුතු අදියර කිහිපයක් යටතේ මීගමුව, කොච්චිකඩේ, නාත්තන්ඩිය සහ කුඩාවැව යන දුම්රිය ස්ථාන දක්වා දීර්ඝ කර, අවසාන වතාවට දෙසැම්බර් 29 වැනිදා හලාවත දුම්රිය ස්ථානය දක්වා අදියරෙන් අධියර දීර්ඝ කරන ලදී.

හලාවත සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර පිහිටි බත්තුළුඔය පාලම අසළින් දුම්රිය මාර්ගය සෝදා යාම, තිල්ලඩිය උප දුම්රිය ස්ථානය අසළ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම, මානුවන්ගම උප දුම්රිය ස්ථානය අසළ ප්‍රදේශයේ ස්ථාන ගණනාවකින්ම දුම්රිය මාර්ගය යටින් දැදුරු ඔයට සෝදා යාම වැනි බරපතළ ආපදා හේතුවෙන් මෙසේ පුත්තලම දුම්රිය ස්ථානය දක්වා ධාවනය බිඳ වැටී තිබිණි.

කෙසේ නමුත් අද අලුයම 4.30ට පුත්තලම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබුණු කාර්යාලයීය දුම්රිය, එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මගීන් නොමැතිව ධාවනය වී ඇති අතර අද අලුයම 4.00ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ කාර්යාලයීය දුම්රිය, ආපදාවෙන් පසුව පුත්තලම දක්වා ධාවනය වූ පළමු දුම්රිය ලෙස සේවයට එක් කර තිබිණි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here