2025 සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම් – විභාග කොමසාරිස් ජනරාල්

0
3

රෂිකා හෙන්නායක පෙබරවාරි 16, කොළඹ LNW :

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ, විභාග මධ්‍යස්ථාන 3545කදී ලබන 26 දා දක්වා මෙවර අපොස.සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බවයි.

ඒ අනුව, විභාගය ආරම්භ වීමට පැයකට පෙර නියමිත විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව සියලුම අපේක්ෂකයන්ට දැනුම් දෙයි.

විභාග මධ්‍යස්ථාන 3545කදී අපේක්ෂකයින් හාරලක්ෂ පනස් එක් දහස් හාරසිය හැට තුන් දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බව වාර්තා වේ.

තුන්ලක්ෂ අසූදෙදහස් දෙසිය හතලිස් නව දෙනෙකු පාසල් අපේක්ෂකයන් වන අතර හැටනව දහස් දෙසිය දාහතර දෙනෙකු පෞද්ගලික අපේක්ෂකයන් වේ.

සාමාන්‍ය පෙළ විභාගය පෙරවරු අටයි තිහේ සිට සහ පස්වරු 1.30 සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කළේ, විභාග මධ්‍යස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දීමට අවශ්‍යකටයුතු ද සුදානම් කර ඇති බවයි .

The post 2025 සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම් – විභාග කොමසාරිස් ජනරාල් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here