ගංජා ලඟ තබාගත් ළමුන් තිදෙනෙකු අත්අඩංගුවට

0
3

මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා වැඳිකුඹුර ප්‍රදේශයේ පොලිස් අධිපැය රාජකාරි නිලධාරීන් පරීක්ෂා කරන අවස්ථාවේදී (29) වෙනිදා පාසල් ශිෂ්‍යයේකු පරීක්ෂා කිරීමේදී ඔහු ලඟ තිබී ගංජා ග්‍රෑම් 05 හමුවී ඇත.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී වෙනත් පාසල තවත් සිසුන් දෙදෙනෙකු ලඟ තිබී ගංජා සොයාගෙන තිබේ.

ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී පාසල් ළමුන් ඉලක්ක කරගෙන ගංජා බෙදාහරින ලද කඳුරුගොඩ ඇතිමලේ පාර පදිංචි 20 හැවිරිදි අයෙකු ගංජා ග්‍රෑම් 35 සමඟ පොලීසිය භාරයට ගෙන ඇත.
ජාවාරම්කරු ප්‍රධාන පාසල් වලට ගංජා කට්ටා ලෙස සපයන අයෙකු බවත් එක් ගංජා කට්ටයක් රුපියල් 500 මිලක්ට අලෙවි කරන බවත් ගංජා අලෙවිකිරීමට එක් පාසලකින් එක් ශිෂ්‍යයෙකු පත්කර ඇති බවත් හෙළිවී තිබේ.
පාසල් ළමුන් තිදෙනා සහ ජාවාරම්කරු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here