සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආචාර කරන කාන්තාව තමා නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි කියයි.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරිය අවධාරණය කරන්නේල අදාළ ඡායාරූපය කිසියම් ආකාරයකින් සංස්කරණය කරන ලද්දක් වනවා නම් ඒ පිළිබඳව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.
“සමාජ මාධ්‍යයෙහි සංසරණය වන මහින්ද රාජපක්ෂ මහතා සමඟ මා පෙනී සිටින ආකාරයේ දැක්වෙන ඡායාරූපයෙහි සිටින්නේ මා නොවන බවත්ල මහින්ද රාජපක්ෂ මහතාගේ නිල පිටුවෙහි සඳහන් එකී මංගල උත්සවයට මා සහභාගී නොවූ බවත්ල එකී මංගල උත්සවයෙහි මා ආරාධිතයෙකු නොවන බවත් පාක්ෂිකයන් වෙනුවෙන් ලියා තබනෙමි.
යම් හෙයකින් මෙය සංස්කරණය කරන ලද්දක් වේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද මෙයින් දන්වා සිටිමි.” යනුවෙන් ඇය එහි දක්වා ඇත.
Saru FM Media








