වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ වැල්ලව ගිනිකාරාව රජමහා විහාරස්ථානයේ වැඩ විසූ 9 හැවිරිදි සාමණේර හිමිනමක් ඉකුත් 28 වැනිදා විහාරස්ථානයේ ස්භාවිකව පිහිටි පොකුණට වැටී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වැල්ලව පොලිස්ථානාධිපති පැවසීය.
මෙසේ අපවත් වී ඇත්තේ කළගෙඩිහේන වගීෂ්වර සාමණේරයන් වහන්සේය. උන්වහන්සේ පොකුණේ සිටින මාළුවන්ට සහ මැඩියන්ට ආහාර දීමට යෑමේ දී පොකුණට පිවිසෙන ස්ථානයෙන් පය ලිස්සා පොකුණට වැටී ඇත. මෙම ස්ථානය අඩි 10 ක් පමණ ගැඹුරැති ස්ථානයක් බවට අනාවරණය වී ඇත. මෙම හදිසි මරණය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා මහෙස්ත්‍රාත් නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමුකර ඇත.
ආර්.එම්. ඩබිලිව්. බණ්ඩාර – කුරුණෑගල
Saru FM Media








