ප්‍රංශයේ මැතිවරණය උණුසුම්!රාජාණ්ඩුවාදී ශිෂ්‍යයෙක් මරුට! – Saru News | සිංහල

0
3

ප්‍රංශයේ නගර සභා 35,000කට ආසන්න සංඛ්‍යාවක පළාත් පාලන ආයතන හා නගර සභා මැතිවරණ සඳහා මාර්තු 15 සහ 22 යන ඉරිදා දිනවල පැවැත්වීමට මේ වන විට ලහි ලහියේ සුදානම් වෙමින් පවතී. මැතිවරණයට මාසයකට පෙර සිටම ප්‍රංශයේ ප්‍රධාන ප්‍රංශ නගරවල චන්ද උණුසුම වැඩිවෙමින් පවතින අතර එයතිහාසික පැරිස් නුවර, Lyon, marseille, bordeaux සහ lile හි  සම්ප්‍රදායික දක්ෂිණාංශික පක්ෂ හා වාමාංශික පක්ෂ අභිමවමින් අන්ත දක්ෂිණාංශික ජාතිවාදී පක්ෂ ඉදිරියට පැමිණෙමින් තිබෙන බව වර්තා වේ. එහි ප්‍රථිපලයක් ලෙස පෙබරවාරි 14 වනදා ලියොන් හි දී වාම තරුණ කණ්ඩායමක් හා නාසිවාදී-රාජාණ්ඩු වාදී පිරිසක් අතර ඇති වූ ගැටුමකදී රාජාණ්ඩු වාදී ශිෂ්‍යයෙකු මරණයට පත් වූ බව වාර්තා වේ.

මේ වන විට යුරෝපය පුරා හිස ඔසවමින් තිබෙන අන්ත දක්ෂිණාංශික ජාතිවාදී පක්ෂ වල ජනප්‍රියත්වය හේතුවෙන් ප්‍රංශය තුලද ජාතිවාදී පක්ෂ මෙන්ම නාසි වාදී කුඩා කල්ලි කණ්ඩායම් වේගයෙන් හිස ඔසවමින් සිටි. එරට ප්‍රධාන දක්ෂිණාංශික ජාතිවාදී පක්ෂයක් වන RN හෙවත් “ජාතික පෙරමුණ ” විසින් පසුගිය මහා මැතිවරණයේදී මන්ත්‍රී වරු 125ක් දිනා ගැනීමට සමත් විණි. මෙම තත්වය මත ට්‍රම්ප් ගේ මතවාදයන් හා රාජාණ්ඩුවාදය, නාසි වාදය, ෆැසිස්ට්වාදය කර පින්නා ගෙන විවිධ නාසි වාදී කණ්ඩායම් නගර ආශ්‍රිතව හා ප්‍රාදේශීය වශයෙන් බිහි වී ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න කරමින් සිටි. ඔවුන්ගේ ප්‍රහාර වලට සංක්‍රමනිය ප්‍රජාව, මුස්ලිම් ආගමික ස්ථාන, LGBT ප්‍රජාව නිරතුරුවම ලක් වේ.

විශේෂයෙන් ගාසා තීරයේ ඇවිලී ගිය යුද්ධය හේතුවෙන් ප්‍රංශයේ වාමාංශික පක්ෂ ද බෙදී ගොස් ඇත. La France insoumise (LFI) වැනි වාමාංශික පක්ෂ ඍජුවම පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම හා හාමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගැනීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ට යුදෙව් විරෝධී ජාතිවාදීන් ලේබලය අනෙකුත් වාමාංශික පක්ෂ තුලින් ඇලවී ඇත.

ප්‍රංශයේ පසුගිය මහා මැතිවරණයේදී කිසිදු පක්ෂයක් බහුතරයක් දිනා ගැනීමට අසමත් වීම නිසා මේ වන විට අස්ථාවර ආණ්ඩු බිහිවෙමින් පවතින අතර වාමාංශික සංධානයක් ලෙස චන්දෙට ඉදිරිපත් වූ මන්ත්‍රී කණ්ඩායම වන Nouveau Front populaire (NFP)හෙවත් නව ජනතා පෙරමුණ හට ආණ්ඩුවක් බිහි කිරීම ලිබරල් ජනාධිපති එමානුවෙල් මක්රෝන් ප්‍රතික්‍ෂේප කරමින් සිටි. ගාසා යුද්ධය හේතුවෙන් හා වෙනත් දේශපාලන හා මැතිවරණ ප්‍රතිපත්ති හේතුවෙන් මෙම සංධානයද බෙදී ගොස් ඇත.

කෙසේ වෙතත් La France insoumise (LFI)පක්ෂයේ සාමාජිකාවක් හා යුරෝපා පාර්ලිමේන්තුවේ සම්භවයෙන් පලස්තීන ජාතික තරුණියක් වන Rima Hassan හට දිගින් දිගටම ඇතැම් මාධ්‍ය වෙතින් ත්‍රස්තවාදී ලේබලය හා යුදෙව් විරෝධී ජාතිවාදී ලේබලය ඇලවෙමින් පවතී. පෙබරවාරි 12 වන දින සවස, ලියොන් නගරයෙහි දේශපාලන විද්‍යා පීඨ යේ Rima Hassan පැවැත් වූ  සම්මන්ත්‍රණය අසලට පැමිණ ” ඉස්ලාම්වාදී-වම්මු විශ්වවිද්‍යාල වලින් එලවමු” යයි සටන් පාඨ හා පුවරු ප්‍රදර්ශණය කරමින් අන්ත දක්ෂිණාංශික ස්ත්‍රී කණ්ඩායමක් විරෝධය පා තිබිණි. එයට සහය පිණිස අන්තවාදී නාසි කණ්ඩායමක් පැමිණ තිබිණි.

එහි දී අන්ත දක්ෂිණාංශික ශිෂ්‍ය කණ්ඩායම සහ ෆැසිස්ට් විරෝධී වාම ක්‍රියාකාරීන් අතර ඇති වූ ගැටුමේදී,  Quentin නම් 23 හැවිරිදි රාජාණ්ඩුවාදී තරුණ ශිෂ්‍යයෙකු පහර කෑමට ලක් වී මොලය තුල අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ රෝහල් ගත කරන ලද අතර පසුව පෙබරවාරි 14 වන දින ඔහු මිය ගොස් තිබිණි.

මෙම මරණයත් සමග ලියොන් නගරය අවට හා බ්‍රහස්පතින්දා සවස, පැය 48 කටත් අඩු කාලයකට යාමටත් පෙර පැරීසිය ඇතුළු රට පුරා වාමාංශික LFI පක්ෂ කාර්යාල රාශියක් නාසිවාදීන් විසින් විනාශ කරන ලද අතර “Quentin සඳහා යුක්තිය” ලබා දෙන ලෙස ඉල්ලා පෝසටර් අලවමින් අන්ත දක්ෂිණාංශික පක්ෂ හා නාසිවාදී ව්‍යාපාර මරණය දේශපාලනකරණය කිරීම ද ආරම්හ කරන ලදී.

තවමත් අපැහැදිලි තත්වයන් සහිත ප්‍රහාරයකින් මිය ගිය ශිෂ්‍යයාගේ පවුලේ සාමාජිකයින් සංසුන් වන ලෙස ඉල්ලා සිටියද රට පුරා විවිධ ස්ථාන වලදී තව දුරටත් වාමාංශික LFI සාමාජිකයින් ඉලක්ක කර ප්‍රහාර එල්ල වන බව මාධ්‍ය වාර්තා කර සිටි. LFI සම්බන්ධීකාරක මැනුවෙල් බොම්පාර්ඩ්ට අනුව, සිකුරාදා සිට සෙනසුරාදා දක්වා රාත්‍රියේ LFI (La France Insoumise) කාර්යාල රාශියක් නාසිවාදීන් විසින් විනාශ කර ඇත. විශේෂයෙන් ” Paris, Rouen, Metz, Castres, Bordeaux, Lille, Montpellier et Toulouse හි මෙසේ ප්‍රහාර වලට ලක් වී ඇත. මේ අතර LFI පක්ෂ නායක Jean-Luc Mélenchon තම ආධාරකරුවන්ගෙන් එල්ලවන ෆැසිස්ට් ප්‍රහාර සම්බන්ධයෙන් “අතිශයින්ම සුපරීක්ෂාකාරී වන ලෙස” ඉල්ලා සිටියේය.

2025 ජුනි මාසයේදී ප්‍රංශ රජය විසින් විසුරුවා හරින ලද කණ්ඩායමක් වන “Jeune Garde”  නම් LFI හා අනුබද්ධ තරුණ කණ්ඩායමක් වෙත ප්‍රංශ දක්ෂිණාංශික පක්ෂ සිසුවාගේ මරණයේ චෝදනාව දිගු කරමින් පවතී. පහරදීම සම්බන්ධයෙන් ප්‍රංශ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත් කිසි වෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නැත. මරණයට පත් වූ ශිෂ්‍යයාගේ පවුලේ නීතිඥ ෆේබියන් රාජොන්, සරල ගැටුමක දී තම සාමකාමී වින්දිතයාට සංඛ්‍යාවෙන් වැඩි සහ සන්නද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් කරන ලද ප්‍රහාරයක් ලෙස මාධ්‍ය වෙත කරුණු දක්වමින් මරණය සිදු වූ ආකාරය මාධ්‍ය වෙත විස්තර කළේය. ඔහුගේ පවුලේ අය පවසන්නේ ඔහු “ආරක්ෂක නිලධාරියෙකු හෝ කිසිදු රහස් ආරක්ෂක අංශයක සාමාජිකයෙකු නොවූ අතර ඔහුට එරෙහිව අපරාධ වාර්තාවක් නොතිබුණි” යනුවෙන් ද සඳහන් කර සිටි.

නමුත් පසුව මාධ්‍ය හෙළි කර සිටියේ Quentin යනු ගණිත අංශ ශිෂ්‍යයෙකු, ටෙනිස් ක්‍රීඩකයෙකු සහ දර්ශන ලෝලියෙකු වන අතර මෑතකදී කතෝලික ආගමට හැරුණු හා අන්ත දක්ෂිණාංශික Action française රාජාණ්ඩු වාදී සංවිධානයේ වසර දෙකක සිට සාමාජිකයෙකු බවය. 1898 දී ආරම්භ කරන ලද රාජකීය අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් වන Action française සංවිධානය ප්‍රංශයේ යලි රාජාණ්ඩු වාදී පාලනයක් ගෙන ඒම සඳහා සටන් කරන අන්තවාදී සංවිධානයකි.

ඔහුගේ  මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන මැරීන් ලුපෙන් ගේ RN ජාතිවාදී පක්ෂය ෆැසිස්ට් විරෝධී ANTIFA වාමාංශික ව්‍යාපාර “ත්‍රස්තවාදීන්” ලෙස සලකා තහනම් කරන ලෙස ඉල්ලා සිටි. මේ අනුව රට පුරා දක්ෂිණාංශික පක්ෂ විසින් වාමාංශික (LFI) වටා කක්ෂගත වන වාමාංශික තරුණ කණ්ඩායම් වලට එරෙහිව විශාල විරෝධයක් මතු කරමින් සිටි. කෙසේවෙතත් LFI ප්‍රකාශක හා මන්ත්‍රී මැනුවෙල් බොම්පාර්ඩ් එම චෝදනා ප්‍රතික්‍ෂේප කරන ලදී. ඔහු පෙන්වා දෙන්නේ මෙම ෆැසිස්ට් හා නාසිවාදී ප්‍රහාර හේතුවෙන් 2022 සිට 12 දෙනෙකු ප්‍රංශය තුල මිය ගොස් ඇති බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජර්මනියේ අන්ත ජාතිවාදී AFD පක්ෂයේ Alice Weidel ප්‍රංශ රජයෙන් ඉල්ලා සිටියේ ඇමරිකාවේ ට්‍රම්ප් මෙන් මෙම අන්ත වාමාංශික පක්ෂ ප්‍රංශයේ තහනම් කරන ලෙසය. පසුගිය වසරේ සැප්තැම්බර් 23 දා ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් එරට ක්‍රියාත්මක වන ෆැසිස්ට් විරෝධී ANTIFA වාමාංශික තරුණ ව්‍යාපාර තහනම් කරන ලදී. යුරෝපා සංගමයේ හංගේරියාවේ වික්ටර් ඔර්බන් පමණක් තම රට තුල එම සංවිධාන තහනම් කරන ලදී.

මේ සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ “මෙම ම්ලේච්ඡ ක්‍රියාවේ වැරදිකරුවන්ට නඩු පැවරීම හා නීතිය හමුවට පමුණුවා වරදකරුවන් කිරීම ඉදිරියේ සිදුවෙනවා. LFI හි “අන්ත වාමවාදී” හා “යුදෙව් විරෝධී” ස්ථාවරයන් මෙවැනි ඝාතණ තුලින් තවදුරටත් සනාථ වෙනවා. රජය කිසිදු දේශපාලන දර්ශණයක් හෝ කිසිදු දෘෂ්ටිවාදයක් කිසි විටෙකත් ඝාතනය මගින් සාධාරණීකරණය නොකරනු ඇත,” යයි ඔහු තවදුරටත් පැවසුවේ “සන්සුන්ව, සංයමයෙන් සහ ගෞරවයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන්ද ඉල්ලා සිටිමිනි.

ජනාධිපතිවරයාගේ චෝදනාවට පිළිතුරු සපයමින්  LFI හි නායක  Jean-Luc Mélenchon පැවසුවේ, “LFI පක්ෂය “යුදෙව් විරෝධී හෝ  “අන්ත වාමාංශික” ව්‍යාපාරයක් නම් රටේ නීතියට අනුව “යුදෙව් විරෝධය අපරාධයක් බව ඔබ දන්නවා, එබැවින් අපි යුදෙව් විරෝධී බව ඉතා පැහැදිලිව සාක්ෂි ඇතිව ඔප්පු කල හැකි යැයි ඔබ සිතන්නේ නම්, අපට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක් ගොනු කරන්න! රටේ රාජ්‍ය නායකයා “යථාර්ථයේ කිසිදු පදනමක් නොමැතිව අපට එරෙහිව අපහාස කරන හිස් පුද්ගලයෙකු බවට පත් වෙන්න එපා” යයි ප්‍රකාශ කළේය.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here