නිශ්මං රණසිංහ පෙබරවාරි 16, කොළඹ LNW:
ලෝකයම බලා සිටියේ ඉන්දියාව සහ පකිස්තානය තරග කරන ආකාරයම නොවේය.එම රටවල් දෙක එක තැනකට එකතු කරන්නට මූලික වූ ශ්‍රී ලංකාවේ හැසිරීමත් ඔවුන්ගේ අවධානයට ලක් විය.ශ්‍රී ලංකාව සහභාගිවන තරග නරඹන්නට නොපැමිණිය ද,ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් තවත් ඇමතිවරුද රැඟෙන ඒ අවධානයෙන් වාසි ගන්නට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණියේය.
රාජ්‍යතාන්ත්‍රිකභාවයේ එක් කොටසක් ලෙස ද,ක්‍රීඩාවේ උත්තරීතර මිත්‍රශීලී සහ ක්‍රීඩාශීලී ගුණය රැක ගැනීම වෙනුවෙන් ද,පකිස්තානු නායකයා සිය පොළවේ දේශපාලනයේ හැසිරීම සහ ක්‍රීඩාවේ තිබිය යුතු උසස් පන්නයේ හැසිරීම අතර ඇති පරතරය හඳුනාගෙන සිය කණ්ඩායම සහ තමන් ඉන්දියානුවන්ට අතට අත දීමට කැමති බව කීවේය.ඒත් සිය දේශපාලන මාන්නය ඉන්දිය ක්‍රීඩකයන්ට අත හැර දමන්නට ඉන්දීය දේශපාලනයෙන් ඉඩ ලබා දී නොමැති බව සූරිය කුමාර් යාදෙව් පෙන්නුම් කළේය.පකිස්තානය තරගය ලකුණු 61 න් පරාජය වුව ද සල්මන් අගාගේ ලෝකයට ගිය අදහස ස්වාධිනව ක්‍රීඩාව දෙස බලන ඉන්දියානුවෙකු වුව ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතිය නොහැකිය.එය ඒ තරම්ම පකිස්තානය ඉන්දියාවට ඉහළින් තැබූ ප්‍රකාශයක් කළේ දේශපාලන මහන්තත්වය හිසේ තබාගෙන පැමිණ හැසිරුණු හෝ හසුරවනු ලැබූ සූර්ය කුමාර් යාදෙව් ය.
දකුණු ආසියානු දේශපාලනයේ ඇති නොමේරුකම් ලෝක කුසලානය හරහා ලෝකයට පෙන්වන්නට ඉන්දියාව ක්‍රියා කළ බව තමන්ගේ හැසිරීම සම්බන්ධයෙන් වන ආඩම්බරය ඇතුළේ තිබෙන යථාර්තය බව ඉන්දියාව අවබෝධ කර ගත යුතුය.එය ක්‍රිකට් ක්‍රීඩා කළ ඉන්දීය සුපිරි තරු ගොඩ නැගූ ඉතිහාසයට ද අවමන් කිරීමක්ය.මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ඉතිහාසයේ ප්‍රතාපවත් ක්‍රිකට් චරිත ද ඉන්දියාවට එරෙහිව ක්‍රිකට් හී ජීව ගුණය වෙනුවෙන් කතා කරන්නට එකතු වන්නට ඉඩ ඇත.
කෙසේ නමුත් මේ තරගය සිඳු නොවී තිබෙන්නට තිබුණු ඉඩ වසා ලෝකයට පෙන්වන්නට ලැබුණේ ද දේශපාලකයෙකු දුටු සිහිනයක් යථාර්තයක් වූ පොළවකය.ඉතිහාසයේ මේ වටපිටාව මතක ඇති කෙනෙකුට,ඇවිද ඇති කෙනෙකුට දකින හැම මොහොතකම ප්‍රේමදාස ක්‍රීඩාංගණය යම් විශ්මයක් සේ දැනෙන්නේ එහි තිබූ වගුරු බිම්වල ස්වභාවය නිසාය.අද වන විට වගුරු බිම වැස්සකදී වුව ඉක්මණින් ජලය බැස යන තැනට පත් වී ලෝකයේ ක්‍රිකට් හා බැදුණු සුපිරි නාමයක් වී ඇත්තේ ඒ යථාර්තයක් කළ දේශපාලනඥයා දුටු සිහිනය නිසාය.
මේ ක්‍රීඩාංගණය රජයේ මුදල් වැය කර ඉදි කළ ද,එය තිබුණු හැටියට මෙවන් ක්‍රීඩාංගණයක් නිර්මාණය කළ හැකිද යන්න සැකය පළවා හැරි,ඒ සංකල්පය පහළ වූ නිසාම,එම සංකල්පධාරි ප්‍රේමදාසගේ නමින් මේ ක්‍රීඩාංගණය හැඳින්වීම වැරදි නැත.ඒ නිසාම අනුර කුමාර දිසානායක දක්වා ඔහුගේ දේශපාලනයට අදාළ නොවන මේ රටේ පහළ වූ තවත් නායක නායිකාවන්ට ද මේ ක්‍රීඩාංගණය ගැන අභිමානයෙන් යුතුව සිය රටට අදාළ සම්පතක් ලෙස ගෙන මෙහි සිට තරග නරඹන්නට ඉඩ සැකසී ඇත.එහෙත් සමහර විට එම නායකයන් වෙනුවෙන් මත හසුරුවන අය ඒ ගෞරවය නොදී ලෝකයම ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස පවසන මේ ක්‍රීඩාංගණය, අනුර කුමාර ජනාධිපතිවරයාගේ පිංතූරය සමඟ එක් කළ ඡායාරූපයකින් පෙන්වා දෙන්නේ ඛෙත්තාරාමය යනුවෙන්ය.එය ද දකුණු ආසියානු දේශපාලනයේම තිබෙන මුහුකුරා නොගිය ලක්ෂණයක්ය.එවැනි දේ ද වඳුරා අතට කඩුව පත් කළ විට රජුට වන දේ ට සමානය.සූරියකුමාර් යාදෙව් ද එවැනි කඩුවක් රැඟෙන වැනීමෙන් ඔහුව ඒ ආකාරයට ඇති දැඩි කරන රජුටම හාන වන බව තේරුම් යන්නේ නැත.ඒ ආකාරයටම අනුර ගේ සමාජ මාධ්‍ය හසුරුවන අයගේ හැසිරීම රාජ්‍ය නායකයා නොවී පක්ෂ නායකයා ලෙස සිතන විට අනුරට ද නොදැනෙන්නේය.
අප සතු දකුණු ආසියානු හා කොදෙව් උරුමය හරහා පහළවන සිතුවිලිවලින් මිදි ප්‍රේමදාසයේ අද දවස බලන්නට ඒ අවට කොයි පාරකින් ආවත් එන්න වෙන්නේ පේලි ගෙවල් පසු කර ගෙනය.ඒවා අවිධිමත්ය.සමහර පේලි ගෙවල් ලෑලිවලින් සකසා ඇත.ඒවා අතර එළියේ සිට ඇතුළ සියල්ල පෙනෙන තරම් කුඩා ඒවා ද ඇත.බොහෝ දෙනෙකුගේ ජීවන මට්ටම ඒ පාරේ සැරිසරන්නෙකුට සඟවන්නට නොහැකි අන්දමෙන් දුක්බරය.විඩාබරය යන්න හඳුනා ගන්නට හැකිය.
ඒ සියල්ල විඳ ප්‍රේමදාසය ගේට්ටුවෙන් ඇතුළු වූ තැන සිට දකින්නට ඇත්තේ ක්‍රිකට් වෙනුවෙන් ඉදි වූ නවීන පොළවක්ය.ක්‍රීඩා පිටිය පමණක් නොවේය.පිහිණුම් තටාකවල සට මනසට කයට අවශ්‍යය ව්‍යායාම් ඉදිරිගාමි ක්‍රීඩා සැළසුම් සහිත පොහොසත් බිම සහ ඔබ ඒ දක්වා පැමිණි ගමන් මඟ සසඳන විට එක් නිමේෂයකින් ඔබ එක්තරා ලෝකයකින් වෙනත් ලෝකයකට පැමිණි වග හැඟෙනු ඇත.ඒ ලෝකය තුළ රටේ සිව්කොනින්ම පැමිණෙන ක්‍රිකට් තරු ගුණය සහිත පිරිස් පුහුණුවෙන අතර ඔවුන්ව එහි ඇති භෞතික සම්පත්වලින් පෝෂණය කර ඇති දැඩි කරන්නේය.
ඒවා එළිය විහිදෙන තරු බවට පත් වී, තමන්ට සමාජ මාධ්‍ය ලෝකයක් නිර්මාණය කර ගැනිමෙන් ඉනික්බිති සිඳුවන්නේ තරු තරු අතර වන අකුරු හරඹ කර ඒ අතර තමන්ගේ තරු වෙනුවෙන් මේ සම්පත් සියල්ල සැළසුම් කර දායාද කර පරිපාලනයට බැන වැදීමය.පිට්ටනියට බසින ක්‍රීඩකයා භෞතිකව පෝෂණය කර රැක බලා ගැනීම හැර ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධ කිසිඳු කාරණයකින් පරිපාලකයාට ක්‍රීඩකයා තේරීමේ ඉඩ වසා දමා ඇත.එහෙත් ඒ සියල්ල පසෙකලා දකුණු ආසියානු සහ කොදෙව් මනසේ තාර්කික මට්ටමෙ අඩු වර්ගපලය පෙන්වමින් පරිපාලනයටම දෙස් දෙති.
අපි කවුරුත් මොන අදහස දැරුවත් කා වෙනුවෙන් හෝ පාවිච්චි වෙන බව දැන ගත යුතුය.එය පාක්සිකවීම සහ වෛරීවීම වෙනුවට තමන්ගේ අදහස විම කරගත හැකිනම් කවුරුන් එයින් ලකුණු රැස් කර ගත්තද අවුලක් නැත.ඒ නිසාම ප්‍රතිවාදියාව හෝ සෑම තැනකදීම නොසළකා සිටින්නට නොහැකිය.ඒ නිසා ඉන්දියානුවන්ටත් දකුණු ආසියානු ගති ස්වභාවයෙන් මිදී පකිස්තානු නායක සල්මන් අගාගේ ක්‍රීඩාශීලී ගුණය අගයන්න හැකි විය යුතුය. ඒ ආකාරයටම අනුර කුමාරටත් විපක්ෂ දේශපාලනය නොසළකා හැරීමේ හරි ඉරක් සිය අනුගාමිකයන්ට ලකුණු කර දෙන්නට සිඳුවනු ඇත.

The post කොපැහුණු දකුණු ආසියානු දේශපාලනය සහ ඉන්දීය පකිස්තානු තරගය appeared first on LNW Sinhala.
Saru News










