රනිල් උසාවි එයි: නඩුව ජනවාරි 28ට කල් යයි

0
3

රනිල් යළි රිමාන්ඩ් කරන්න
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්
අසාධ්‍ය රෝගියකු බවට පෙන්වා ICU ගිහින් හිටගෙන හිනාවෙවී සෙල්ෆි ගහලා
විමර්ශන නිලධාරීන්ගේ නොසැලකිලිමත් බව වහගන්න අභූත චෝදනා නගනවා
ජනාධිපති නීතිඥ තිලක් මාරපන
එංගලන්ත සංචාරය නිල ඇරයුමක්ද පෞද්ගලික සංචාරයක් ද උසාවියට වාර්තාවක් දෙන්න
විනිසුරු සීඅයිඩීයට කියයි

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය අගෝස්තු 26 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇපමත මුදාහරිමින් ලබාදුන් ඇප නියෝගය අවලංගු කර ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් කරන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා ඊයේ (29දා) කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය අගෝස්තු 22 වැනිදා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා පසුදිනම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ රෝගී තත්ත්වයන් පිළිබඳව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා විශේෂඥ වෛiවරුන් හය දෙනකුගෙන් සමන්විත කමිටුවක් ලබාදුන් බව කියන නිර්දේශ සහිත වෛi වාර්තාව පැමිණිල්ලට පිටපතක් හෝ ලබානොදී ඍජුවම අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ නීතිඥවරුන්ගේ සහාය ඇතිව බවට කියමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම ඉල්ලීම කළේය. එම වෛද්‍ය වාර්තාවේ වෛද්‍යවරුන් හයදෙනකුගේ නිර්දේශ ඇතුළත් බව සඳහන් වුවත් රෝහල්ගතව සිටියදී සැකකරුට ලබාදුන් ප්‍රතිකාර පිළිබඳව කිසිදු සටහනක් නොමැති බව දැනගන්නට ලැබී ඇති බැවින් එය ස්වාධීන වෛi වාර්තාවක් ලෙස සැලකීමට නොහැකි බැවින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ප්‍රමුඛ ස්වාධීන වෛi මණ්ඩලයක් මගින් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව හා දැඩි සත්කාර ඒකකයේදී ඔහුට ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර කුමක්දැයි නිශ්චිත කරගැනීම සඳහා වෛi වාර්තාවක් කැඳවන ලෙසට ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය. සැකකරුට ඇප ලබාදුන් පූර්වගාමී මහෙස්ත්‍රාත්වරියගෙන් ද එම ඉල්ලීම කළ බව හෙතෙම පැවැසීය.

රුපියල් ලක්‍ෂ 160 ක රාජ්‍ය මුදලක් දින දෙකක් ඇතුළත අවභාවිතය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කළ සැකකරු අධිකරණ බලය අවභාවිත කර ඇප ලබාගෙන ඇති බව පැවැසූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සැකකරු දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටි මුළු කාලය තුළම සිදුකර ඇත්තේ පොත් කියවීම, රෝහල් කාර්යමණ්ඩලය හා වෛiවරුන් ඇතුළු පිරිස සමග සෙල්ෆි ගැසීම බවත් අසාධ්‍ය රෝගියකු බව පෙන්වා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ එම සැකකරු හිටගෙන සිනාසෙමින් ලබාගෙන තිබූ ඡායාරූප අනුව දැඩි සත්කාර ඒකකය තුළ පොටෝ ෂූට් කළ හැකි ස්ථානයක් බව පෙනී යන බවද අධිකරණයට පැවැසීය. එතරම් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව පෙන්වා ඇප ලබාගත් සැකකරු එකී වෛi වාර්තාවල සඳහන් වූ රෝගවලට ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වී නැතැයි ද අධිකරණයට පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, මෙය අධිකරණය නොමඟ යැවීමක් වන්නේ යැයි ද අධිකරණයට පැවැසීය.

එහිදී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා විමර්ශන නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම වසා ගැනීම සඳහා එවැනි අභූත චෝදනා නඟනා බවත් සැකකරු පුරා පැය ගණනාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ හා අධිකරණ භූමිය තුළ වතුර උගුරක් හෝ නොමැතිව සිටීම හා ඇතිවී තිබූ දැඩි පීඩනය නිසා ඔහුගේ රෝගී තත්ත්වයන් උත්සන්න වී දැඩි ලෙස රෝගීවූ බව අධිකරණයට පැවැසීය.

සියලුම වර්ගයේ රෝග තිබූ රෝගියකු බව කිවූ සැකකරු ඇප ලබාගත් පසු එකී රෝග සුවවූවේ දැයි අධිකරණය එහිදී භාෂා පරිවර්තකවරිය මගින් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගෙන් විමසා සිටියේය.

එම සැකකරු වැඩිදුර වෛi ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගත වන බව පැවැසුවත් එලෙස විදේශගත වී හෝ ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වී නොමැති බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවැසීය.

සිය සේවාදායකයා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට පෙර එංගලන්තයට ගොස් වෛද්‍ය පරීක්‍ෂණයකට මුහුණ දුන් නමුත් වැඩිදුර ප්‍රතිකාර අනවශ්‍ය බවට වෛද්‍ය නිර්දේශ ලැබී ඇතැයි ද ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අධිකරණයට පැවැසීය. එම සැකකරුට එල්ල වී ඇති චෝදනාව ඔහු ඇතුළු පිරිසක් සමග එක්ව රුපියල් ලක්‍ෂ 160ක මුදලක් අවභාවිතය කිරීමේ චෝදනාව වන බැවින් බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණයට පැවැසීය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වී ඇති වෛi වාර්තාවේ සඳහන් විශේෂඥ වෛද්‍යවරුන් හයදෙනාගෙන් විමසීමක් කර අදාළ වෛද්‍ය වාර්තාව පිළිබඳව විමර්ශනයක් කරන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

මෙම සිද්ධියේ වැදගත්ම සාධකය වනුයේ සැකකරු පෙර කී උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වී ඇත්තේ එරටින් ලැබුණ නිල ආරාධනයක් මත ද නැතහොත් පුද්ගලික සංචාරයක් ද යන කරුණු දෙක බවත් ඒ මත නඩුවේ ඉදිරි පැවැත්ම තීරණය වන බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත්ව විමර්ශන සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

පූර්වගාමී මහෙස්ත්‍රාත්වරිය විසින් එම සැකකරුට ඇප ලබාදී ඇත්තේ ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාව සත්‍ය වෛද්‍ය වාර්තාවක් ලෙස සලකා ඒ මත වන බැවින් එකී වෛද්‍ය වාර්තාව සත්‍ය නම් ඇප නියෝගය පිළිබඳව වැඩිදුර සලකා බැලීමේ අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා එම සංචාරය සඳහා මුදල් අනුමත කළේ යැයි කියන හිටපු ජනාධිපති ලේකම්වරයා එම නඩුවේ සැකකරුවකු වන්නේදැයි විමර්ශන වාර්තාවල නිශ්චිතව සඳහන් කර නොමැති බැවින් ඉදිරි නඩු දිනයට පෙර විමර්ශන අවසන් කොට සෙසු සැකකරුවන් පිළිබඳව අධිකරණයට වාර්තා කරන ලෙසට ද විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළ දිනයේදී හා ඊට පසුව ඇති වූ විවිධ සිද්ධීන් මගින් අධිකරණයට අපහාසයක් වී ඇති බවට තම අධිකරණය මේ වනවිටත් නියෝගයක් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අධිකරණයට ප්‍රගතිය වාර්තා කරන ලෙසටද විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙදමුල්ල, පොලිස් පරීක්‍ෂක කුමාරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේය.

නඩුවට අදාළ කරුණු මිස ඉන් පරිභාහිර කිසිදු කරුණක් තම අධිකරණය හමුවේ නොපැවැතීම සම්බන්ධයෙන් තම අධිකරණය සියලු පාර්ශ්වල නීතිඥවරුන්ට ස්තුතිවන්ත වන බව මහෙස්ත්‍රාත්වරයා පැවැසීය.

එම නඩුව ලබන වසරේ ජනවාරි 28 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.
ඒ.ජේ.ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here