ගිනිකොනදිග මුහුදේ දී ධිවර යාත්‍රාවක් අනතුරට

0
2

මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වු බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් පිටත් කර හැර තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, අදාළ නෞකාව මේ වන විට බහුදින ධීවර යාත්‍රාව අනතුරට පත් වු ස්ථානය වෙත පිටත් කර හැර ඇති බවය.

ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300ක පමණ දුරින් මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව සඳහන් ය.

එහිදි අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර බෝට්ටුවක් මඟින් මුදාගෙන ඇති බවට නාවික හමුදාව වෙත තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව  එම ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මේ වන විට පිටත්කර හැර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

අනතුරට ලක් වූ අදාළ බහුදින ධීවර යාත්‍රාව පසුගිය අගෝස්තු 31 වන දින දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක් බවට හඳුනාගෙන තිබේ.

අදාළ ධීවර යාත්‍රාව පසුගිය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු දැනුම්දී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අනතුරට ලක් වූ යාත්‍රාව තුළ ධීවරයින් හය දෙනෙකු සිට ඇති අතර ඉන් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අනෙක් ධීවරයින් දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව සඳහන් ය.

අදාළ ධීවර යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරන වෙළෙඳ නෞකාවක් විසින් මෙම ධීවරයින් පිරිස ලබාගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව ඒ සඳහා කටයුතු කරමින් සිටින බව ද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here