අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.
මෙලෙස අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරී පත්ව මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලිපිය ලබාගෙන එම ලිපිය මහජන බංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවලින් තමාට පහසු බැංකු ශාඛාවක් වෙත ඉදිරිපත් කර අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමක් විවෘත කළ යුතු බව ද අදාළ නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව මෙතෙක් බැංකු ගිණුම් විවෘත නොකරන ලද අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් හැකි විගස මෙම බැංකු ගිණුම් විවෘත කර අදාළ බැංකු ගිණුම් විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදිය යුතු බව ද අදාළ නිවේදනය මඟින් දැනුම්දී ඇත.
Saru FM Media








