නීතිඥ ඝාතනයට එරෙහි දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්..

0
3

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW:

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ ඇත .

ඒ අනුව, මෙම සාහසික අපරාධයට විරෝධය පෑමක් ලෙස දිවයින පුරා සියලුම අධිකරණ කටයුතුවලින් බැහැරවී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නීතිඥවරුන් මෙහිදී ඒකමතිකව තීරණය කර ඇත.

රටේ පවතින ප්‍රචණ්ඩත්වය පාලනය කර මහජන ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින ඔවුන්, මෙම අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලධාරීන්ට බලකර සිටියි.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිළිබඳව පොලීසිය වෙත සිය ප්‍රසාදය පළ නොකරන බවද නීතිඥ සංගමය අවධාරණය කරයි.

වසර 14කට පසු රැස්වූ මෙම සුවිශේෂී මහ සභා රැස්වීම සඳහා නීතිඥයින් 3,500කට අධික පිරිසක් සෘජුව සහ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී ඇත.

නීති ක්ෂේත්‍රයේ ප්‍රභූන් පෙන්වා දෙන්නේ වර්තමාන ඝාතන සංස්කෘතිය නිමා කිරීම සඳහා කඩිනම් නෛතික මැදිහත්වීමක් අවශ්‍ය බවයි.

The post නීතිඥ ඝාතනයට එරෙහි දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්.. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here