බෝතලයක තිබූ දියරයක් පානය කළ ධීවරයින් 02ක් නසී

0
3

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් පානය කළ ධීවරයින් දෙදෙනෙකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම නාරක්කල්ලිය ප්‍රදේශයේ වාඩියක සිටි පුද්ගලයින් දෙදෙනෙකුය.

එම ස්ථානයේ පුද්ගලයින් සිව්දෙනෙකු සිට ඇති අතර දියරය පානය කළ එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තිදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තවත් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වේ.

අනෙක් පුද්ගලයින් දෙදෙනා මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් පසුවන බව සඳහන් වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here