බද්දේගම උපසභාපතිට පහරදුන් පුද්ගලයා රිමාන්ඩ්

0
3

බද්දේගම ප්‍රාදේශීය සභාව් උපසභාපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ.

සැකකරු සැඟව සිට දින 4කට පසුව නීතීඥයෙකු මාර්ගයෙන් පෝද්දල පොලීසියට භාරවී ඇති බව සඳහන්ය.

අනතුරුව සැකකරු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩම්ගොඩ මහතා හමුවට ඉදිරිපත්කළ අතර එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මහතාට  පසුගිය 24 වනදා අදාළ සැකකරු විසින් පහරදී ඇති බවට පැවසෙන අතර පහරකෑමෙන් තුවාල ලැබු උපසභාපතිවරයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රථිකාර ලබාගෙන ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here