රුසියා විපක්ෂ නායක විෂ ශරීරගත කර ඝාතනය කළ බවට අනාවරණයක්

0
3

රුසියාවේ හිටපු විපක්ෂ නායකවරයාගේ මරණය විෂ ශරීරගත කර සිදුකළ ඝාතනයක් බවට අනාවරණයක් සිදුව තිබේ.

රුසියාවේ හිටපු විපක්ෂ නායක ඇලෙක්ෂෙයි නවල්නි සිරදඬුවම් විඳිමින් සිටියදී එරට බන්ධනාගාරයක් තුළදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ 2024 වසරේ පෙබරවාරි 16 වැනිදාය.

හතලිස් හත් හැවිරිදි නවල්නි, රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බවට ප්‍රකාශ කෙරුණත් එය ඝාතනයක් බවට එරට ජනාධිපති ව්ල්ද්මීර් පුටින් සහ රජයට චෝදනා එල්ල විය.

මෙවන් පසුබිමක මේ දිනවල ජර්මනියේ මියුනික් හි පැවැත්වෙන මියුනික් ආරක්ෂක සම්මන්ත්‍රණය අතරතුර බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය සහ නෙදර්ලන්තය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ (14) විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ නවල්නිගේ මරණය විෂ ශරීර ගත කිරීමකින් සිදුව ඇති බවය.

දකුණු අමෙරිකාවට ආවේණික විෂ සහිත ගෙඹි විශේෂයක් තුළ පවතින අධි විෂ රසායනික ද්‍රව්‍යයක් ඔහුගේ ශරීර කොටස් තුළ තිබී හමුවූ බවට ඔවුන් අනාවරණය කර තිබේ. 

කෙසේ මෙම අනාවරණයත් සමග මීට පිළිතුරු ලබා දී ඇති රුසියාව එල්ලවන චෝදනා සියල්ල ප්‍රතික්ශේප කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here