ඝාතනයකට සම්බන්ධ යතුරුපැදියක් බණ්ඩාරගමින් හමුවෙයි

0
4

බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හංදිය ආසන්නයේ වෙල්යායක් අසල එෆ්.එකස්  වර්ගයේ සැක කටයුතු යතුරුපැදියක් අද(15) පෙරවරුවේ හමු වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි.

එම යතුරු පැදිය මත කළු පාටට හුරු ආරක්ෂක හිස් වැස්මක් සහ යතුරු පැදිය අසල බිම කළු පාටට හුරු රෙදි වලින් මැසූ අලුත්ම ජැකට්ටුවක් තිබී පොලිසියට හමුවී ඇත.

ඊට  අඩි කීපයක් මඳක් වෙල්යාය අසල  කහපාටට   හුරු හාල් උරයක දමා තිබූ සපත්තු යුගළක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.

මෙම යතුරුපැදිය ඊයේ රාත්‍රී වස්කඩුව වාඩිය මංකඩ ප්‍රදේශයේ සුප් වෙළඳසැලක් පවත්වාගෙන ගිය 33 හැවිරිදි  පුද්ගලයා ඝාතනය කිරීමට පැමිණි යතුරු පැදිය ද යන්න සොයා විමර්ශන පවත්වන බව පොලිසියකියයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here