මහින්ද ජීවත් වූ නිවස මහාධිකරණයක් කරයි

0
2

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජීවත්වූ විජේරාම පාර, කොළඹ 07 ප්‍රදේශයේ තිබූ මන්දිරය ඇතුළුව ප්‍රභූන්ට වෙන් කර තිබූ ගොඩනැගිලි හතරක නව මහාධිකරණ 04ක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් තීරණ දැනුම්දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා අද (28දා) සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති එම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මෙතෙම මේ බව කියා සිටියේය. ඒ අනුව අංක බී 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක සී 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක බී 108, විජේරාම පාර, කොළඹ 07, අංන බී 12, ස්ටැන්ලිමෝර් චන්ද්‍රවංකය, යන මේ ගොඩනැගිලි මහාධිකරණ ගොඩනැගිලි බවට පත් කරගෙන යනවා. ඒ නිසා නඩු කටයුතු ඉක්මනින් විභාග කරලා නීතිය පසිඳලීමේ ක්‍රියාවළිය ඉක්මනින් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කරනවා. යැයි ඇමැති විජිත හේරත් මහතා කීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here