සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ඉහළ නිලධාරීන් 12 දෙනකුගේ වත්කම් බැරකම් පිළිබඳව පූර්ණ විගණනයක් සිදුකරන ලෙස ඉල්ලා ‘සිවිල් බුද්ධි පෙරමුණ’ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව සෞඛ්‍ය ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය මනෝජ් වීරසිංහ, ඖෂධ නියාමන අධිකාරියේ මහාචාර්ය, අසිත ද සිල්වා, එම අධිකාරියේ මිල පාලන කමිටුවේ වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ සචින් සේමගේ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීදරන්, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ මෙවන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් නවාම්, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් මෙලෙස විගණනයන් කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයි පැවසේ.
මෙයට අමතරව, වෛද්‍ය සැපයුම් ඒකකයේ සහ ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු දරන සියලුම ඖෂධවේදීන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකරන ලෙස ‘සිවිල් බුද්ධි පෙරමුණ’ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා සිය පැමිණිල්ල මගින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.
Saru News










