අමර කීර්ති ඝාතනයට වගකිව යුත්තා රනිල් – Saru News | සිංහල

0
2

පොහොට්ටු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක ලෙස යොදවා සිටි පොලිස් නිලධාරියා ඝාතනය වීම සම්බන්ධයෙන් ලබාදුන් මහාධිකරණ නඩු තීන්දුව සම්බන්ධයෙන් පශ්චාත් සැලසුම් සහගත ප‍්‍රබන්ධ දියත් කරමින් පවතී. ඒ ප‍්‍රචාර හුදෙක්ම දේශපාලන ප‍්‍රචාර වන අතර, නඩු තීන්දුවත් සමග උද්දාමයට පත්ව සිටින රාජපක්ෂ පවුල ප‍්‍රමුඛ කල්ලිය එහි ප‍්‍රචාරකයන් වී සිටිති. එම තීන්දුව මගින් නියම කර තිබෙන්නේ චුදිතයන් 12 දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙසය. තවත් කිහිපදෙනෙකුට අත්හිටවූ සිරදඬුවම් පමුණුවා තිබේ. මේ අතර මරණීය දණ්ඩනයට නියම වූ පිරිස මෙම තීන්දුව අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන බව ප‍්‍රකාශ කර තිබේ.

එම පෙත්සම් ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත්ය. මන්ද තීන්දුව ලබාදුන් ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා චූදිතයින් සියලු දෙනා සම්බ්නධයේන චෝදනා සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තම විනිශ්චය දක්වා තිබේ. එහෙත් ඉතිරි විණිසුරුවරුන් දෙදෙනා මෙසේ පුද්ගලයින් 12 දෙනෙකු හට මරණීය දණ්ඩනය නියම කිරීමෙන් බෙදුනු නඩු තීන්දුවක් ලබා දී ඇත. මරණීය දණ්ඩවයට නියම වූවන් මෙම තීන්දුවට එහරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබේ. මෙම පෙත්සම් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙයට පෙර භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම කරමින් ලබාදුන් නඩු තීන්දුව දැඩි අවධානයට ලක් කෙරුණු ඇත. මේ අතර නීතිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙන්නේ අධිකරණය මගින් නිදහස් කරන ලද චුදිතයන්ටද මරණිය දණ්ඩනය පනවන ලෙස ඉල්ලමින් පෙත්සම් ඉදිරිපත් කරන බවයි. එළියේ ප‍්‍රචාර පවතින්නේ මෙවැනි කරුණු ඉක්මවා ගිය රාජපක්ෂ පවුලේ සහ එම පවුලේ සපත්තු සුප් බොන පිරිසගේ ප‍්‍රචාර මුල් කරගෙනය.

රාජපක්ෂ පවුලේ සපත්තු සුප් කල්ලිය

මෙම පසුබිම තුළ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සපත්තු සුප් බොන කල්ලිය මූලික වු සමස්ත දේශපාලනයම නිවැරදිව කියවා ගත යුතුව තිබේ. පළමුවෙන්ම අපි කවුරු කවුරුත් තේරුම් ගත යුත්තේ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සපත්තු සුප් කල්ලිය වෙනම සහ විපක්ෂයේ වෙනම පිරිසක් නොසිටින බවය. ද්‍රවිඩ ජාතික සන්ධානය මෙම බෙදීමට ඉඳුරාම අයත් නොවන ව්‍යතිරේකයක් බවද සඳහන් කළ යුතුය. රනිල් වික‍්‍රමසිංහ මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අවස්ථාව, හිටපු ජනාධිපතිවරුන්ගේ නීති විරෝධී වරප‍්‍රසාද අහිමි කිරීම, වතු කම්කරු වැටුප් වැඩිකිරීම, දිත්වා සුළි කුණාටු මහා ව්‍යසනය, මන්තී‍්‍ර විශ‍්‍රාම වැටුප් කප්පාදුව, අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදීම ආදී තවත් බොහෝ අවස්ථාවලදී ඉතා පැහැදිලිව ඔප්පුකර තිබෙන දෙය දැඩිව සිහි තබාගත යුතුය. ඒ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සපත්තු සුප් කල්ලිය මෙන්ම විපක්ෂයද එකක් බවය.

මේ සටහනට සිරස්තලය යොදා තිබෙන “අමරකීර්ති ඝාතනයට වගකිව යුත්තා රනිල්” යන්න සහ මේ ලියාගෙන යන හෑල්ල අතර සම්බන්ධය මොකක් දැයි ඇතැම් විට ඔබ කල්පනා කරනවා විය හැකිය. මේ සිරස්තලය වඩාත්ම නිවැරදිව යොදන්නේ නම් ‘රනිල් – මෛතී‍්‍ර’ යනුවෙන් සංස්කරණය විය යුතුය. එහෙත් එය හුදෙක් රනිල් පිටම පැටවීම තාර්කික පදනමකින් යුක්තය. එම තර්ක හුදෙක් පුරෝකථන තර්ක විතර්ක නොව අතීතියේ භාවිතයෙන් ඔප්පු කරන ලද ඒවාය.

රනිල් සම්බන්ධ පදනම

x       2022 මාර්තු 31 හා ඉන්පසුව අපේ‍්‍රල් 09 වැනි දා සිට ගෙන ගිය ‘ගෝල්ෆේස් අරගලයට’ ඍජුවම රනිල් වික‍්‍රමසිංහගේ නියෝජිතයන් සහ ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම්, රනිල් වික‍්‍රමසිංහ නියෝජනය කිරීම.

x       2015 ජනවරම පාවාදී මහ බැංකු මහා මංකොල්ලය දියත් කිරීමට රනිල් දායකවීම.

x       පාස්කු ප‍්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරීම

x       ජනාධිපති  – මෛතී‍්‍රගේ බලතල රනිල් විසින් ක‍්‍රමයෙන් ගිල ගැනීම

x       රනිල් – මෛතී‍්‍ර බල අරගලය නිසා මෛතී‍්‍ර දින 52 වියරු කුමන්ත‍්‍රණය දියත් කර රනිල් අගමැති ධුරයෙන් පහකර, මහින්ද රාජපක්ෂ පත්කිරීම යන දේශපාලන පුරුක් නිශ්චිතවම එකිනෙක සමග ව්‍යුහාත්මකව සම්බන්ධ වී පවතී.

සපත්තු සුප් කල්ලියේ ඡන්දයෙන් රනිල් රජ වීම

මේ කරුණු එකිනෙක අතර පවතින දේශපාලන ගමන් මග පැහැදිලි නොකළ යුතු තරම්ය. එහෙත් දේශපාලන කි‍්‍රයාවන් අතර අන්තර් සම්බන්ධය බොහෝ දෙනෙකු කල්පනා නොකරන බැවින් කෙටියෙන් හෝ පැහැදිලි කර දිය යුතුය. මුලින්ම එක එල්ලේ පැහැදිලි වන දෙයක් තිබේ. 2022 මැයි 09 වැනි දින අමරකීර්ති අතුකෝරල ඝාතනය දක්වා පමණක් නොව 2022 ජූලි 11 වැනි දින දක්වා රනිල් වික‍්‍රමසිංහගේ නියෝජිතයන් ගෝල්ෆේස් අරගලකරුවන් අතර සකී‍්‍රයව සිටි බවය. අජිත් පැරකුම් ජයසිංහ, ශිරාල් ලක්තිලක, රුවන් විජේවර්ධන වැනි නම් ලයිස්තුවක් ඉදිරිපත් කළ හැකිය. මැයි 09 වැනි දින දහවල් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ පසුව මැයි 11 දින පොහොට්ටු පක්ෂයේ සියලුම මන්තී‍්‍රවරුන්ගේ ඒකාත්මික තේරීම වී තිබුණේ තනි මන්තී‍්‍ර ධුරය දැරූ රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස පත්කර ගත යුතු බවය. එසේ නම් ගෝල්ෆේස් අරගලකරුවන් අතර ඍජුව කි‍්‍රයාකාරීව සිටිමින් අමරකීර්ති අතුකෝරල ඝාතනයට කි‍්‍රයා කිරීමේ වගකීම රනිල් වික‍්‍රමසිංහටද පැවරේ. එවැන්නෙකු පොහොට්ටු පක්ෂයේ අගමැති ලෙස ඒකච්ඡන්දයෙන් පත්කර ගැනීම සහ 2022 ජූලි 20 වැනි දින එම පොහොට්ටු මන්තී‍්‍රන්ගේම ඡන්දයෙන් ජනාධිපති ලෙසද තොරා පත්කර ගත්හ.

අමරකීර්ති ඝාතනයේ වගකීම රනිල්ට

එසේ නම් අමරකීර්ති අතුකෝරල ඝාතනයට මුල් වූ වගඋත්තරකරුවෙකු අගමැති සහ පසුව ජනාධිපති ලෙස පත්කර ගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු පක්ෂය ඍජුව වගකිව යුතුය. රාජපක්ෂ පවුලේ `සපත්තු සුප් කල්ලියට’ ඡන්දයෙන් අගමැති සහ ජනාධිපති වූ පළියට මෙම වගකීමෙන් මිදිය නොහැකිය. මහජන මුදල් ලක්ෂ 166ක් වැය කර ලන්ඩන් රෝන්ද ගැසීමේ චුදිතයෙකු ලෙස අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම හමුවේ නැවත වරක් ඔප්පු කර තිබෙන්නේ රාජපක්ෂ පවුල සහ රනිල් වික්‍රමසිංහ අතර දේශපාලන දීගකෑම ඉතාම හොඳින් ශක්තිමත්ව පවත්වාගෙන යන බවයි.

මෙම මෑත ඉතිහාසයේ කරුණුවලින් දශකයක් අතීතයට ගොස් දේශපාලනය තේරුම් ගැනීමද මෙතනට අවශ්‍යමය. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදී අති ප‍්‍රබලම අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ ජනතාව විසින් පරාජය කළේ පවුලක් විසින් රට කොල්ල කෑම, ඒකාධිපති පවුල් පාලනය, සුදු වෑන් සංස්කෘතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළ දැමීම, මානව නිදහස හා ගෞරවය අහෝසි කිරීමට එරෙහිවය. මෛතී‍්‍රපාල සිරිසේන මැතිවරණ වේදිකාවේදී කීවේ ජයග‍්‍රහණය කළ වහාම ගුවන් තොටුපළවල් වසා දමන බවය. රනිල් කීවේ රට තුළ යහපාලනයේ ස්ථාපිත කරන බවය. එහෙත් 2015 පෙබරවාරි 27 වැනි දින මහ බැංකු බැඳුම්කර මංකොල්ලය දියත් කර, එතැන් සිට ඉදිරියට ජනවරමට  පයින් ගසා රාජපක්ෂ පවුල් පාලනයට යළි පුළුල් ඉඩක් සැකසීය.

රාජපක්ෂගේ වියරුව රනිල් ගැනීම

එතැන් සිට රනිල් වික‍්‍රමසිංහ ඍජුවම කළේ රාජපක්ෂ පවුලේ උග‍්‍ර ජාතිවාදී අන්තවාදී ප‍්‍රවේශයන්ට ඉතා විශාල දේශපාලන අවකාශයක් ඉදිකර දීමය. එහි ප‍්‍රතිඵලය වූයේ මෛතී‍්‍ර – මහින්ද කුමන්ත‍්‍රණයත් සමග රනිල් වික‍්‍රමසිංහ අගමැති කමෙන් පන්නා දැමීමයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙත් උග‍්‍ර අන්තවාදී ලේ පිපාසිතයකින් පසුව යළිත් 2019 නොවැම්බර් ජනාධිපතිවරණයේ රාජපක්ෂ පවුල සහ සපත්තු සුප් කල්ලියට බල ගැනීමේ මාර්ගය විවෘත කර දුන්නේය. රනිල් වික‍්‍රමසිංහ 2015 ජනවාරි සිට ගෙන ගිය සමස්ත කි‍්‍රයාවලියට ජනතාව දැක්වූ ප‍්‍රතිචාරය වූයේ රනිල් වික‍්‍රමසිංහට 2020 අගෝස්තු 05 මහා මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය පමණක් ඉතිරි කිරීමයි.

රාජපක්ෂ පවුල සහ සපත්තු සුප් කල්ලිය එතැන් සිට ගෙන ගිය වියරු මුග්ධ පාලනයට එරෙහිව ජනතාව එකාවන්ව මහ පාරට බැස අරගලය දියත් කළේය. එහි කේන්ද්‍රීය ප‍්‍රකාශනයේ `ගෝල්ෆේස්’ අරගලය ලෙස හැඳින් වීය. රාජපක්ෂ වියරු ලේ පිපාසය 2022 මැයි 09 අරලියගහ මන්දිරයේ සිට මුදා හරිනවිට රනිල් සිටියේ අරගලකරුවන්ගේ ගොඩේය. ඉන්පසු ක‍්‍රමයෙන් මැයි 09 ජූනි 09 සහ ජූලි 09 මාස තුන තුළදී රාජපක්ෂ පවුලේ රීරි යක්ෂ මුහුණ රනිල් වෙත ආරූඪ කර ගෙන සෙසු අරගලකරුවන් දංගෙඩියට ගෙන යන මෙහෙයුම දියත් කළේය. නැවත බටලන්දට පණ දීමට නොගත් උත්සාහයක් නැත. අමරකීර්ති ඝාතනයේ වගඋත්තරකරුවෙකු ලෙස රනිල් සිටින්නේ මෙන්න මේ සමස්ත දේශපාලන කි‍්‍රයාවලියේ දීය.

නන්දිමිත්‍රගේ සතියේ සටහන


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here