මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එය අද (28දා) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
Saru FM Media









