සටහන – රුවන් නෙළුගොල්ල
කළුතර, වස්කඩුව, වාඩියමංකඩ ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
එම යතුරුපැදිය අද (15) පෙරවරුවේ බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය ආසන්නයේ වෙල්යායක් අසලදී හමුවූ බවයි පොලීසිය පවසන්නේ.
එම යතුරුපැදිය මත කළු පාටට හුරු ආරක්ෂක හිස් වැස්මක් සහ යතුරුපැදිය අසල බිම කළු පාටට හුරු රෙදිවලින් මැසූ නවතම ජැකට්ටුවක් ද තිබී හමුවී ඇති අතර ඊට අඩි කීපයක් දුරින් ඇති වෙල්යාය අසල කහ පාටට හුරු හාල් උරයක දමා තිබූ සපත්තු යුගලක් ද හමුවී ඇත.
අපරාධ ස්ථාන පරික්ෂණාගාර නිලධාරීන් සහ ඇඟිලි සටහන් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා ඇති අතර බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post කළුතර වෙඩිතැබීමට සැක යතුරුපැදියක් බණ්ඩාරගමින් හමුවෙයි appeared first on LNW Sinhala.
Saru News










